අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

    දෙසැම්බර් 01, 2016

    දුම්රිය මගී ජනතාවගේ ඉල්ලීම පරිදි පාසල් නිවාඩු සමය ඉලක්ක කොට ගනිමින් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

    පළමු පන්තියේ වායුසමනය කළ මැදිරි 01, දෙවන පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි 3ක්, සකසුරුවම් පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි1, සකසුරුවම් පන්තියේ සාමාන්‍ය ආසන සහිත මැදිරි 02ක් සහ සකසුරුවම් පන්තියේ භෝජනාගාර සහිත මැදිරි 01ක් යනාදී වශයෙන් දුම්රිය මැදිරි යොදා තිබේ.

    එම අතිරේක දුම්රිය පහත සඳහන් පරිදි ධාවනයේ යොදවා ඇත.

     

    දෙසැම්බර් 9,11,13,15,17 යන දිනවලදී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය එම දිනයන්වලදී පෙ.ව. 7.03ට කොළඹ කොටුවෙන් පිටත් වන අතර ප.ව. 05.29 වන විට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.

     

    එසේම දෙසැම්ර් 10,12,14,16,18,සහ 20 යන දිනයන්වලදී බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09.00ට පිටත් වන දුම්රිය ප.ව.05.20 වන විට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya