අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද රෝගීන්ට භාවිත කෙරෙන සැක සහිත ඩයි වර්ගය තාවකාලිකව ඉවතට

    දෙසැම්බර් 01, 2016

    කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනි දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබඳව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ Non Ionic contrast media for cardio angiography for adult  – 100 ml නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.

    ඒ අනුව හෘද රෝග සැත්කම සඳහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබඳව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොණරාගල, යාපනය, කරාපිටිය, දකුණු කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙනිය යන රෝහල් වලට නිකුත් කර ඇත. එම රෝහල් ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ. මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරනු ලබයි.

    කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් මියයාම පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ත‍්‍රීපුද්ගල පරික්ෂණ කණ්ඩායමක් ද පත් කර  තිබේ.

    එම පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) වෛද්‍ය  ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය.  අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා යන පිරිසගෙන් එම කමිටුව සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya