අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් 26කට රුපියල් මිලියන 75ක උපාංග

    දෙසැම්බර් 01, 2016

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව වසර 10 කට වඩා  පැරණි පරිගණක විද්‍යාගාර පවතින තෝරාගත් ජාතික පාසල් 26 ක් සදහා පරිගණක හා පරිගණක ආශ්‍රිත උපාංග ලබාදීම ඊයේ (30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

    ඒ අනුව එක් පාසලක් වෙනුවෙන් පරිගණක 21 ක්, යූ.පී.එස්. 21 ක්, ජාලගත මුද්‍රණ යන්ත්‍රයක්, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (තිරය සමඟ), ශිෂ්‍ය පුටු 40 ක්, දේශක මේසයක් හා දේශක පුටුවක් මේ සඳහා අන්තර්ගත වන අතර පාසල් 26 ක් සඳහා මෙම උපකරණ කට්ටල ලබාදීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 75ක් වේ.

     

    මීට අමතරව පාසල්වල විදුහල්පතිවරුන් හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරුන් සඳහා පරිගණක ප්‍රශස්ත මට්ටමින් භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුවත්කිරීම හා පරිගණක උපාංගවල පිරිවිතර ඇතුළත් නිල ලේඛනයක්  ලබාදීම ද මෙහිදී සිදු විය.

     

    මේ උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya