අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රංශ ආරක්‍ෂක හමුදා ඒකාබද්ධ අණදෙන නිළධාරී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

    නොවැම්බර් 30, 2016

    මෙරට සංචාරයක යෙදෙන ඉන්දියානු සාගර කලාපයේ ස්ථානගත කොට ඇති ප්‍රංශ ආරක්‍ෂක හමුදාවන්හී ඒකාබද්ධ අණදෙන නිළධාරී රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා (Joint Commander of the French Forces Rear Admiral Didier Platon) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (29) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය.

    මෙම අවස්ථාවට ප්‍රංශ තනාපති ජෙඅන් මරින් ස්චබ් මහතා සහභාගි විය.

    මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්  අතර ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ද සිහිපත් කළේය.

    මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා සමරු ඵලකයක් ද පිළිගන්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya