අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ගුණ සැමරේ

    නොවැම්බර් 30, 2016
    උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා, නැගෙනහිරි බස්නාහිර හෝ වේවා, උඩරට පහත රට හෝ වේවා ජීවත් වන අහිංසක මිනිසුන්ගේ දුක වේදනාව කදුල සුසුම එක හා සමානයි. මේ ටික තේරුම් ගෙන අප කටයුතු කල යුතු යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා  හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් මහතා පැවසීය.
    මේ මස 30 වැනි දිනට යෙදී තිබු ශ්‍රී ලාංකාවේ විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වන ගුනානුස්මරණ ප්‍රධන ආරාධිත දෙසුම පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය. දකුණු පළාත් ආණ්ඩකාරවර හේමකුමාර නානයක්කාර මහතාගේ මෙහෙය වීමෙන් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී අද පෙරවරුවේ මෙම සමරු වැඩසටහන පැවැත්විණි.
     
    මෙම උත්සවයට සහභාගී වු බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෝගේෂ්වරන් මහතා ඇතුළු පිරිස පිළි ගැනීමෙන් පසු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හින්දු ආගමික වතාවත් වලින් පසුව පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ඡායා රූපයට මල් දම් පළඳවමින් උපහාර දැක් වීම සිදු විය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ස්වාමිනාදන් මහතා එදා පොන්නම්බලම් රාමනාදන්, ඩී එස් සේනානනායක වැනි දේශපාලඥයින් සිංහල දෙමළ මුස්ලිම් ආදි ජාති කුල මල ආගම් බේද නොසලකා එකම ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් කටයුතු කලා. ජනතාවට ලැබිය යුතු දිය යුතු සියළු දේ බේදයකින් තොරව ලබා දීමට ඔවුහු ක්‍රියා කලහ.
     
    ගිහි පැවදි පාසල් සිසුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටි අතර රාමනාදන් මහතා එදා යාපනයේ ඇති කල පරමේශ්වරී විදුහල යාපනයේ විශ්ව විද්‍යාලය බවට පත් වී ඇති බව සිහි පත් කරමින් එම විශ්ව විද්‍යාලය මගින් එවනු ලැබු සුබ පැතුමක් ද මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
     
    AP/DMU - Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya