මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපය තුළ පළාත් කිහිපයකට විටින්විට වැසි

    නොවැම්බර් 30, 2016

    දිවයිනට නැගෙනහිර දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී. 680 ක් පමණ දුරින් (ආසන්න වශයෙන් උතුරු අක්ෂාංශ 8.1 හා නැගෙනහිර දේශාංශ 86.6 ආශ්‍රිතව) පවතින අතර එය තව දුරටත් වර්ධනය වෙමින් වයඹ ‍‍දෙසට බරව දකුණු ඉන්දියාව ‍දෙසට ගමන් කරනු ඇතැයි අ‍පේක්ෂා ‍කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එනම්  අනිද්දා (02) දක්වා උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට තද වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තු පෙන්වා දෙයි.

     

    උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට තරමක් තදවැසිද(75mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.

     

    සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සවස 2.00න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya