අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පරිශ්‍රය තුළ පාසල් නිල ඇඳුම් වවුචර අලෙවිය ප්‍රවර්ධනය තහනම්

    නොවැම්බර් 29, 2016

    පාසල් පරිශ්‍රය තුළ පාසල් නිල ඇඳුම් වවුචර අලෙවිය ප්‍රවර්ධනය තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     01.  පාසල් පරිශ්‍රය තුළ කිසිදු පුද්ගලයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට පාසල් නිල ඇදුම් රෙදි පිළි අලෙවි කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම හෝ කිරීම සපුරා තහනම් කර තිබේ.

    02.   විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබාගැනීමේ දී කිසියම්  පුද්ගලයකු හෝ කිසියම් ව්‍යාපාරික ස්ථානයක් නම් කිරීම හෝ කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම සපුරා තහනම් ය.

    03.   විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වෙමින් නිල ඇඳුම් රෙදි අලෙවි කිරීම සඳහා මැදිහත් විය නොහැක.

    04.   නිල ඇදුම් වවුචරය අනිවාර්යයෙන් සිසුන් අතට පත් කළ යුතු අතර ඒ වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට කිසිදු අවසරයක් නැත.

    05.    දරුවන්ගේ හා දෙමාපියන්ගේ අභිමතය පරිදි නිල ඇඳුම් වවුචරපත් භාවිතා කරමින් තමා කැමති ඕනෑම රෙදි පිළි අලෙවි සැලකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි ය.

    මීට අමතරව,

    රෙදි මිලදී ගැනීම සදහා තම ප්‍රදේශයේ රෙදි පිළි වෙළදසැල් නොමැතිවීම හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වන බවට පසුගිය වසරේ විවිධ පාර්ශවයන් කරුණු ඉදිරිපත් කරන ලදී. මේ හේතුවෙන් විනිවිදභාවයකින් යුක්තව ගුණාත්මකභාවයෙන් යුතු වෙළදපොලේ තරගකාරී මිල ගණන් අනුව, එම දරුවන් වෙත නිල ඇදුම් රෙදි ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය උනන්දු වූ අතර එහිදී රජයේ ආයතනයක් වන සීමාසහිත ලංකා සළුසල සමාගම එම අවශ්‍යතාව සඳහා මැදිහත්විය හැකි බවත් ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද ලිපියකින් ඉල්ලා තිබුණි.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ ආයතනයක් වන සීමාසහිත ලංකා සළුසල ආයතනයට වෙළදපොලේ පවතින තරගකාරී මිල ගණන් යටතේ තම ප්‍රදේශවල රෙදි පිළි වෙළදසැල් නොමැති පාසල්වල දරුවන් සදහා රෙදි පිළි මිලදී ගැනීම සදහා අවශ්‍ය වටපිටාව සකසා දෙනු ලැබී ය. නමුත් කිසිදු ලෙසකින් අධ්‍යාපන අමාත්‍යාංශය සීමාසහිත ලංකා සළුසල සමාගමේ රෙදි පිළි මිලදී ගැනීම අනිවාර්ය කර නැති බව ද පෙන්වා දෙයි.

    06.                        කෙසේ වෙතත් සීමාසහිත ලංකා  සළුසල ආයතනය හරහා නිකුත් කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි සම්බන්ධයෙන් සහ එහි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ලද පැමිණිලි හේතුවෙන් සීමාසහිත ලංකා සළුසල ආයතනයෙන් නිල ඇඳුම් රෙදි ලබාගැනීම වහාම ක්‍රියාත්මකවන පරිදි නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.

    මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වේ නම් 1988 අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් මාර්ගය ඔස්සේ පැමිණිලි කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya