අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි පාසල් වාර නිවාඩුව ලබන 02 වැනි දා

    නොවැම්බර් 29, 2016

    රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2016 වසරේ තෙවැනි පාසල් වාරය ලබන 2 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව දෙසැම්බර් මස 03 වැනි දා සිට ජනවාරි 01 වැනි දා තෙක් සියලු පාසල් වසා තැබෙන අතර,  නව පාසල් වාරය සඳහා  2017 ජනවාරි 02 වැනි සඳුදා නැවත පාසල් විවෘත කෙරේ.  

     

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් විවෘත කිරීමේ දිනය පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya