මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් විකුණන්නේ නැහැ - අමාත්‍ය අර්ජුන රණතුංග

    නොවැම්බර් 29, 2016
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පෙන්වා දෙන්නේ වරාය හා නාවික අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාවෙනි. පාර්ලිමේන්තුවට සභාගත කළ එම වාර්තාවෙන් වැඩිදුරටත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අධික ණය බරින් සමස්ත වරායම විනාශ මුඛයට ඇද දැමීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි.
    “නමුත් පසුගිය ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායේ මෙහෙයුම් කිරීමට හම්බන්තොට මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට බඳවාගෙන සිටි සේවකයින් 482 කගේ රැකියා ස්ථීර කර තිබුණේ නැහැ. මේ තරුණ පිරිසගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් ඔවුන්ගේ අනාගතය විනාශ වීමට ඉඩදී බලා සිටිමේ හැකියාවක් අපට නැහැ. කොතරම් මූල්‍ය දුෂ්කරතා තිබුණත් අපි ඔවුන්ව ස්ථීර කිරීමට කටයුතු කළා. ඔවුන්ව ඵලදායි ලෙස හම්බන්තොට වරායේ ප‍්‍රගමනයට යෙදෙව්වා.
     
    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණා දැමීමට අදහස් කරන්නේ නැහැ. හම්බන්තොට වරායවත් විකුණා දැමීමට අපි අදහස් කරන්නේ නැහැ. අපේ මූලික උපක‍්‍රමය වන්නේ හම්බන්තොට වරායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදුසු ආයෝජකයකුට එම වරාය බදු දීමයි. ඒ අනුව අගමැතිතුමා චීනයේ කළ සංචාරයක ප‍්‍රතිඵලයක් වශයෙන් අපිට හම්බන්තොට වරාය සඳහා ලංසුවක් ලබා ගැනීමට හැකි වුණා. ඒ ලංසුව අපිට ලැබුණු දෙයක් නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් ලබා ගත්ත දෙයක්. හම්බන්තොට වරායට ලංසු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වුණේ ආයෝජකයින් දෙදෙනෙක් පමණයි. ඒ චීනයේම සමාගම් දෙකක්. එයින් එක් සමාගමකින් ලබා ගත් ලංසුව වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක් පමණයි. අනෙක් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,080ක ලංසුවක් ලබා ගත්තා. දැන් වැඩිම ලංසුව ලබා දුන් සමාගම සමඟ රටට හානියක් නොවන අයුරින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා.....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම වාර්තාවෙන් පවසයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya