මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසරේ මත්ස්‍ය පරිභෝජනය ඉහළට

    නොවැම්බර් 29, 2016
    2016 වර්ෂයේ ඒක පුද්ගල දෛනික මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 46.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ අනුව පසුගිය වර්ෂ හා සංසන්දනය කරන විට 2013දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේ දී ග්‍රෑම් 42.9කි. එමෙන්ම 2015 වර්ෂයේ එම මට්ටම ග්‍රෑම් 43.2කි.
     
    මෙම වර්ෂයේ මත්ස්‍ය පරිභෝජනය ඉහළයාමට හේතු වු කරුණු අතර මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළයාම මෙන්ම, බොහෝ පාරිභෝගිකයින් මාංශ අනුභවයට වඩා මත්ස්‍ය පරිභෝජනයට නැඹුරු වී සිටීම හේතු වී ඇත.
     
    ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ, ලංකා ධීවර සංස්ථාව විසින් මාළිගාවත්ත මත්ස්‍ය අලෙවිසැල නවීකරණය කිරීමෙන් පසු එය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 
     
    ලංකා ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල් ගණනාවක්ම නව කළමණාකාරිත්වයත් සමග මේ වනවිට ඉතාමත්ම ඉහළ මට්ටමින් ලාභ ලබමින් පවතී. නමුත් අලෙවි සැල් කිහිපයක අලෙවි කටයුතු ප්‍රමාණවත් නොවන නිසා, ඒවා නවීකරණයකර, ධීවර සංස්ථාවේ ලොරි යවා වැල්ලෙන්ම මිල දී ගත් අලුත්ම මාලු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සංස්ථාව අරම්භ කර තිබේ.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya