අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇඳුම් වවුචර ක්‍රමයෙන් කිසිවෙකුට ජාවාරමක් කිරීමට ඉඩක් නැහැ - අධ්‍යාපන ඇමැති

    නොවැම්බර් 29, 2016

    ‍ෙදරුවන් වෙනුවෙන් රජය වෙන් කරන ලද මුදල අපතේ හැරීම ද  වළක්වා, රජය දරුවන් වෙත වැය කරන සමස්ත මුදල් ප්‍රමාණය ක්ෂය වීමකින් තොරව දරුවන් අතටම පත්කිරීමේ අරමුණින් නිල ඇඳුම් වවුචරපත් ක්‍රමය ක්‍රියාවට නැංවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    මෙම වැඩපිළිවෙළ තුළ අනවශ්‍ය ගබඩා වියදම්, ප්‍රවාහන වියදම් මෙන් ම අතයට කොමිස් මුදල් ලෙස නාස්ති වූ මුදල් සම්භාරයක් ද ඉතිරි කරගැනීමට හැකි වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය වසරට වඩා ආරක්ෂිත වවුචරයක් මෙවර නිකුත් කර තිබෙන අතර වෙළඳපොල මිල ගණන් අනුව සසඳමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රෙදි මිලට ගැනීමට හැකිවන පරිදි මුදල් වෙන් කිරීමට  පියවර ගත් බව ද පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව දිවයින පුරා පිහිටි ඕනෑම රෙදි පිළි අලෙවිසැලකට ගොස් වවුචර ඉදිරිපත් කර, රෙදි මිලට ගත හැකි අවකාශය දරුවන්ට ලබා දී තිබෙන බවත් රුපියල් මිලියන 2,450 ක මුදලක් මෙවර නිල ඇඳුම් වවුචර ලබාදීමට වෙන් කර ඇති අතර ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට පමණක් බෙදී ගිය විශාල ධනස්කන්ධයක් මෙරට සියලු රෙදි පිළි අලෙවිකරුවන් අත බෙදී යාම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ද සාර්ථක වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    මීට අමතරව රෙදිපිළි අලෙවිසැල් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පහසුව සඳහා මෙම වවුචර් පත් ඉදිරිපත් කරමින් රෙදිපිළි  ලබාගැනීමට ඔවුන්ට හැකිවන පරිදි සළුසල ආයතනයෙන් පහසුකම් ලබාදීමට ද පියවර ගෙන තිබෙන අතර අදාළ ප්‍රදේශවල විදුහල්පතිවරුන්ගෙන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් ද එහිදී සැලකිල්ලට ගෙන තිබේ. නමුත් කිසිදු විටක දරුවන්ට සළුසල විසින් ගෙනඑනු ලබන රෙදි පමණක් ලබාගැනීම අනිවාර්ය කිරීමක් සිදු කර නොමැති අතර ඔවුන්ට අභිමත පරිදි ඕනෑම රෙදිපිළි වෙළඳසැලකින් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

     

    මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු ආකාරය දක්වා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි පැහැදිලිව ම නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත්කළ යුතු බව දක්වා තිබේ. එමෙන්ම කිසිදු ලෙසකින් ව්‍යාපාරිකයින් සමග සම්බන්ධ වෙමින් නිල ඇඳුම් රෙදි අලෙවිකිරීම සඳහා විදුහල්පතිවරුන් මැදිහත් නොවිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

     

    මීට අමතරව කිසිදු ලෙසකින් නිල ඇඳුම් ලබාගැනීම සඳහා ව්‍යාපාරික ස්ථානයක් නම් කිරීමට කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට හැකියාවක් නොමැති අතර  දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අභිමතය පරිදි තමා කැමති ඕනෑම වෙළඳසැලකින් නිල ඇඳුම් රෙදි ලබා ගත හැකි යි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දූෂණ අක්‍රමිකතාවලට තිත තැබීම සඳහා ක්‍රියාත්මක කළ නිල ඇඳුම් වවුචර වැඩසටහන හරහා ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කරයි.

     

    මීට අමතරව පාසල් දරුවන් සඳහා වවුචර ලබාදීමේදී ඇතැම් විදුහල්පතිවරුන් හා නිලධාරීන් සිදු කරන ලද අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කිරීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya