අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රංශ ආරක්‍ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හමුවේ

    නොවැම්බර් 29, 2016
    මෙරට සංචාරයක යෙදෙන ප්‍රංශ ආරක්‍ෂක හමුදාවන්හි ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා (Joint Commander of the French Forces Rear Admiral Didier Platon) ඊයේ (28) පෙරවරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
     
    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජේන් මැරීන් ෂුශ් මහතාද (HE Jean-Marin Schuh) සහභාගි විය.
     
    මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාවට මෙන්ම ප්‍රංශයට ද්විපාර්ශවිය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා සහ රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මහතා අතර සාකච්ඡා විය. හමුව අවසානයේ ප්‍රංශ හමුදා ප්‍රධානී සහ රාජ්‍ය අමාත්‍ය වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
     
    හමුව ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya