අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැබ්ලට් පරිගණකයෙන් දත්ත රැස්කිරීම ඇරඹේ

    නොවැම්බර් 28, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මඟින් සිදු කරනු ලබන සමීක්ෂණ ටැබ්ලට් පරිගණක ආශ්‍රයෙන් තොරතුරු රැස්කිරීමේ ක්‍රමය ආරම්භ කිරීමේ නිල උත්සවය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹදී පැවැත්විණි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ කොරියානු රජය එක්ව ක්‍රියාත්මක ‍කරනු ලබන "KOSTAT" නමින් හඳුන්වන මෙම ව්‍යපෘතිය ශ්‍රී ලංකාව තුළ 2014 වසරේ සිට ක්‍රියාත්මක වේ. ඒ යටතේ 2014 වසරේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන දත්ත කළමනාකරණ පද්ධතියක්, ස්ථාපනය කළ අතර 2015 වසරේදී කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ නවීන අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර දෙකක් ස්ථාපිත කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සතරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමීක්ෂණයක් ලෙස සෑම වසරකම පවත්වනු ලබන ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය 2017 වසරේ සිට මෙම ටැබ්ලට් පරිගණක උපයෝගි කර ගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය. කාලීන වශයෙන් අවශ්‍ය නිවැරදි සංඛ්‍යා දත්ත කඩිනමින් ලබා ගැනීමට මෙම ක්‍රමවේදය ඔස්සේ සිදු වන අතර සමීක්ෂණය සඳහා තෝරා ගත් නිවාස ඒකකවලට ගොස් තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදීම අදාළ දත්ත පරිගණක ගත කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් බව ආචාර්ය සතරසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    ශ්‍රී ලංකාවේ ජනලේඛ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ‍සංකේතාත්මක ටැබ්ලට් පරිගණක ප්‍රදානය කිරීම දකුණු කොරියාවේ සංඛ්‍යාත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  චෝ චෑන්ග් සැන්ග් මහතා විසින් අද දින සිදු කරන ලදී.

     

    අනතුරුව ශ්‍රී ලංකාවේ ජනලේඛ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  දකුණු කොරියානු සංඛ්‍යාත අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ද තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

     

    දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති වොන් සැම් චැන්ග් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya