අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ භාවිතය අධෛර්යමත් කිරීමට රජයක් ලෙස තීරණය කළේ ආර්ථික හා සමාජීය කරුණු රැසක් පදනම් කරගෙනයි.

    නොවැම්බර් 28, 2016

    ත්‍රී රෝද රථ භාවිතය අධෛර්යමත් කිරීමට රජයක් ලෙස තීරණය කළේ ආර්ථික හා සමාජීය කරුණු රැසක් පදනම් කරගෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ ස්වයං රැකියාවක් ලෙස අවිධීමත් ආකාරයෙන් යොදා ගැනීම හමුවේ මෙවැනි අර්බුද පැනනැගී ඇති බවයි.



    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 26 වන දින පස්වරුවේ කොළඹ සීනෝර් හෝටලයේ පැවැති සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන් හා හිමිකරුවන්ගේ විශේෂ රැස්වීමකට එක්වෙමිනි.

    ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා පැවැති මෙම රැස්වීමට දිවයින පුරා ත්‍රීරෝද රථ රියදුරන් හා හිමිකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහිදි අමාත්‍යවරයා කීයා සිටියේ ත්‍රීරෝද රථ සේවාවට අදාළව නියාමනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇති බවයි. ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හා හිමිකරුවන්ගෙන්ම ඊට යෝජනා ඉදිරිපත් වීම වඩා ප්‍රතිඵල දායක බවද හෙතෙම පැවසීය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා  ස්වයං රැකියාවක් විදියට ත්‍රීරෝද රථ සේවාව හඳුන්වා දුන්නත් අද විශාල වශයෙන් මේ ක්ෂේත්‍රයට එන පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන මට්ටමේ ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් ශ්‍රී ලංකවේ තියෙනවා. මේ නිසා රටේ ශ්‍රම බලකාය එකම ක්ෂේත්‍රයකට කොටු වෙලා තියෙනවා. ඒක ආර්ථික සහ සාමාජීය ගැටලු රැසකට හේතුවක් වෙලා. ඒ නිසා තමයි අලුතෙන් මේ ක්ෂේත්‍රයට පිරිස පැමිණීම අධෛර්යට පත් කරවන්න අපි රජයක් විදියට තීරණය කළේ. මේ පියවරෙන් ත්‍රීරෝද රථ තව දුරටත් රට තුළට පැමිණීම සීමා වෙනව වගේම දැනට ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අයගේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.

    ඒ වගේ ම තවත් කරුණක් සිහිපත් කළ යුතුයි මේ අධෛර්යයට පත් කිරීම කරන්නෙ අලුතෙන් ක්ෂේත්‍රයට එන පිරිස පමණයි. දැනට කර්මාන්තයේ නිරත වෙලා ඉන්න කිසිම කෙනකුට එය බලපාන්නෙ නැහැ. ඔබට දැනට මත් ත්‍රීරෝද රථයක් තියෙනව නං ඒකට ණයක් ගැනීම ඉස්සර වගේ ම කිසිදු ගැටලුවකින් තොරව ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඇතැම් මූල්‍ය ආයතන ඔබට කිසියම් ණයක් දීමේ දී පෙරට වඩා කිසියම් අධෛර්යට පත් කිරීමක් කරනව නං අපට වහාම කියන්න. අපි මේ අධෛර්යයට පත් කිරීම කරන්නෙ අලුතෙන් ගෙන්වන ත්‍රීරෝද රථ ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ට  පමණයි. යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.
     
    මෙම රැස්වීමේදී ත්‍රීරෝද රථ රියදුරන්  අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටියේ කිසියම් රියදුරකු නීති විරෝධී ලෙස වමෙන් ඉස්සර කළහොත් එය වරදක් වන නමුත් ඒ සඳහා වන දඩ මුදල සංශෝධනය කිරීම  සම්බන්දයෙන් රජයේ අවධානය යොමු කරවන ලෙසයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මඟින් අමාත්‍ය  මණ්ඩලය දැනුවත් කර ඊට පිළිතුරක් ලබා දෙන බවයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya