අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 26, 2016

    ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන අතර තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන,විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ‍

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගාල්ල සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුද ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වියහැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ලරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya