මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර සා. පෙළ විභාගය මධ්‍යස්ථාන 5,669කදී

    නොවැම්බර් 24, 2016

    අ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය දෙසැම්බර් මස 6 වැනි දින ආරම්භ වී දෙසැම්බර් 17 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 5,669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත් වේ. මෙවර මෙම විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර ඇති අතර විභාග පරිපාලනය සඳහා 65,524ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

     

    මේ වන විට පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට තැපැල් කොට යවා ඇත.

     

    පාසල් වෙත යවනු ලබන ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් ළඟ තබා නොගත යුතු අතර ප්‍රවේශපත්‍ර ලැබුණු වහාම අදාළ අයදුම්කරුවන් වෙත බෙදාදිය යුතු වේ. ඇතැම් විදුහල්පතිවරුන් විසින් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරමින් ප්‍රවේශපත්‍ර ලබා නොදීමෙන් අයදුම්කරුවන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවන බැවින් ප්‍රවේශපත්‍ර  බෙදා නොදී සිටීමෙන් අයදුම්කරුවන්ට ඇතිවන අපහසුතා පිළිබඳ වගකීම විදුහල්පතිවරුන් විසින් භාර ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya