අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාචනය හේතුවෙන් දිනකට 6000ක් මියයනවා - වෛද්‍ය පාලිත මහීපාල

    නොවැම්බර් 24, 2016
    ආහාර හා ජලය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ගෝලීය වශයෙන් ද ප්‍රධාන ගැටලුවක් බවට පත් ව ඇතැයි ද පාචනය හේතුවෙන් දිනකට ලෝකය පුරා  6000කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මියයන්නේ යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    ඒ අනුව වසරකට ඇමෙරිකාවේ මිලියන 76ක් ද, ඕස්ට්‍රේලියාවේ මිලියන 5.4ක් ද, චීනයේ මිලියන 300ක් ද මේ හේතුවෙන් පීඩාවට පත් වේ.
     
    මෙම දත්තයන් හා සැසදීමේ දී පාචනය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මරණයන් වාර්තා නොවන තරම් බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාව ඒ අනුව ඉදිරි ස්ථානයක පසුවන බවත් පෙන්වා දෙයි.
     
    "පසුගිය වසර 20ක කාලය තුළ සමාජයේ සංකීර්ණ ජීවන රටාව හේතුවෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉදිරියට පැමිණ තිබේ. මේ හේතුව නිසා මේ වන විට වෙළෙඳපොළේ පවතින පැණිබීම සඳහා වර්ණ සංඥා ක්‍රමය ආරම්භ කළා. මෙම ක්‍රමය ආරම්භ කිරීමෙන් අනතුරුව එම සමාගම් විසින් තමන්ගේ පානයන් හි ඇති සීනි ප්‍රමාණය අඩුකරමින් රතු ලේබලය වෙනුවට කහ වර්ණය යොදා තිබෙනවා. ඉදිරියේ දී දැනට පනවා ඇති සීනි මට්ටම තවත් අඩුකරමින් එය කොළ වර්ණය දක්වා ගෙන ඒමට කටයුතු කරනවා".
     
    ලෝකයේ රටවල් කිහිපයක් පැණිබීම සඳහා වර්ණ සංඥා ක්‍රමය භාවිත කළ ද එය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගන්නා බවත් පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉදිරියේ දී මෙ ක්‍රමය ආහාරවල ඇති ලුණු හා මේදය සඳහා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya