මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විරුවන්ට වීර පදක්කම් ප‍්‍රදානය කරති

    නොවැම්බර් 23, 2016

    දශක තුනක ත‍්‍රස්තවාදය අපගේ මාතෘ භමියෙන් මූලින් උපුට දැමීමේ සංග‍්‍රාමයේදී තම රණශූර බව සපථලා වූ ගුවන් හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් පිරිනැමීමේ  අභිමානවත් උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ඊගල්ස් ලැගූන් වීව් උත්සව ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    මෙම උත්සවයේදි පළමුව මව්බිමේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහි කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලද අතර මෙහිදී 2009 මැයි මසට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී උතුරු හා නැගෙනහිර සිදු කරනු ලැබූ මානුෂීය මෙහෙයුම් වලදී පුද්ගලිකව දක්වන ලද ක‍්‍රියාවන් හා දක්ෂතාවයන් අගයමින් ගුවන් හමුදා නිළධාරීන් හා ගුවන් භටයින් 54 දෙනෙකු සඳහා "රණ ශූර පදක්කම" (ආර් එස් පී) ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

     

    මෙම උත්සව අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් ඇතුලූ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    මෙම පදක්කම් ප‍්‍රදානයේ පළමු අදියරය ලෙස ආරක්ෂක හමුදා සාමාජිකයන් 300 දෙනෙකු හට පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් මස 27 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අතර එහිදී ගුවන් හමුදා සාමාජිකයින් 11දෙනෙකු රණ වික‍්‍රම පදක්කම ලබාගත් අතර 21 දෙනෙකු රණ ශූර පදක්කම ලබාගත් හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya