අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දියවර සෙවණ” ධීවර නිවාස ගම්මාන ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 24, 2016
    මෙරට ධීවර ජනතාව වෙනුවෙන් කලයුතු මෙන්ම කළහැකි සියල්ල තමාට බලයක් තිබුණත් නැතත් නොපිරිහෙලා ඉටුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    අම්බලන්තොට බටඅත දකුණ කලමැටිය ඉදිකරන “දියවර සෙවණ” ධීවර නිවාස ගම්මාන පිහිටුවීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    ධීවර ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හදුනාගෙන ඒවාට විසදුම් ලබාදීමට කටයුතු කරන බවද , වත්මන් යහපාලන රජය කෙරෙහි වගේම තමා කෙරෙහි නොකිලිටි විශ්වාසයක් තැබූ ජනතා බලාපොරොත්තු අබමල් රේණුවක් තරම්වත් කඩ නොකර කටයුතු කරන බවටද දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී සහතික විය .
     
    කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ මුල්‍ය ආධාර මත ඉදිකෙරෙන මෙම “දියවර සෙවණ” නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ හා කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEON මහතාගේ සුරතින් සිදු කෙරුණු අතර මෙම ධීවර නිවාස ගම්මානයට නිවාස සියයක් , ධීවර තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක් මෙන්ම වැවක් අයත්. එහි පළමු අදියර යටතේ නිවාස 25 ක් ඉදි වන අතර මෙහි එක් නිවසක් ඉදිකිරිම සදහා කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය රුපියල් ලක්ෂ හතහමාර බැගින් වැය කරයි .
      
    මෙම සමාරම්භක උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, “මේ කටුක ජිවීතයෙන් බැට කන ධීවර ජනතාවට සෙවනක් වීමට  හැකිවීම ජිවිතයේ වගේම දේශපාලනයේ මා ලබපු විශාල ජයග්‍රහණයක් .  එදත් අදත් මට ශක්තියක් වුනේ මේ ජනතාවයි .මේ ජනතාව අමතක කරලා මට කිසිදු ගමනක් යන්න බැහැ. මාගේ අත්දැකීම් වගේම හිතවත්කම් මත වැඩපිළිවෙලක් සකස් කළා . ඒ ගොඩනගාගත් වැඩපිළිවෙල මල්පල ගැන්වෙන දිනය අදයි.”
     
    “ඒ වගේම තමයි කොරීයානු ධීවර රැකියා සදහා සැබෑම ධීවර ජනතාව යැවීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි හදාගෙන යනවා . මම කොරීයානු බලධාරීන් සමග කරපු සාකච්ජා වලදී ඔවුන් එකග වුණා . අපිට ධීවර තාක්ෂණ විද්‍යාල දෙකක් දීමට . ඉන් එකක් උතුරු පළාතෙත් . අනෙක මේ පළාතෙත් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙනවා . එතකොට අපේ ජනතාවට අවස්ථාව උදාවෙනවා සැබෑ ලෙසම කොරීයානු රැකියා සදහා යාමට .  මේ නිවාස වැඩපිළිවෙල එකකින් දෙකකින් නවතින එකක් නෙමෙයි, කිම් ඉම් කියෝන් මහතා මට පොරොන්දුවෙලා තියෙනවා ඔබලාගේ නිවාස ගැටළුව විසදීමට මට උදවු කරනවා කියලා . ”
     
     
    මෙහිදී අදහස් දැක්වූ කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEON මහතා අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය වගේම ධීවර ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කල හැකි සියල්ල කිරීමට කොරියාව නොපැකිලිව ඉදිරිපත්වන බවයි. දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ධීවර ජනතාව වෙනුවෙන් දක්වන කැපවීම මා බෙහෙවින් අගය කරනවා . ඒ නිසයි අපි ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත් වුනේ යයිද පැවසීය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya