අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (23) පාර්ලිමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ කිසිදු නියාමනයක් හෝ ආචාර ධර්ම පද්ධතියක් නොමැති බව පෙන්වා දුන් අතර අමාත්‍යවරයා ඒ සඳහා නියාමන ක්‍රමයක් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය සංගම්, මාධ්‍යවේදීන් ඇතුළු මහජන සංවිධානවල අදහස් ලබා ගනිමින් ස්වාධීන මාධ්‍ය කොමිෂමක් මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.