අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් මාර්ග හා නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 23, 2016
    ‘‘මෙතෙක් කිසිදු ව්‍යාපෘතියකින් සංවර්ධනය නොකල නාගරික මාර්ග කිලෝමීටර් 78.05 සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් දස ලක්ෂ 1,119 ක් වැය කරන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා පැවසීය. 
    පසුගිය දා මැදවච්චිය ඇටවීරගොල්ලෑවේදී පැවති උතුරු මැද පළාත් මාර්ග  සංවර්ධන ව්‍යාපෘතිය හා නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලේදී  අමාත්‍යවරයා මෙසේ පැවසීය.
     
    මාර්ග සංවර්ධනය කියන්නේ අපේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය සදහා සෘජු බලපෑමක් කල හැකි ව්‍යාපෘතියක්. ගමේ නිෂ්පාදිත කෘෂිකාර්මික නිෂ්පාදනයක් මහමග අයිනේ තබාගෙන පහසුවෙන් අලෙවි කර ගැනීමට වාගේම නගරයට ප්‍රවාහනය කොට ඉහල මිලට අලෙවි කර ගැනීමටත් ග්‍රාමීය මාර්ග පද්ධති තුලින් සිදුවන්නේ විශාල සේවාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    පළාත් සභාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වලින් කරනු ලබන ප්‍රචාර ගැන අදහස් දැක්වු ඒ මහතා අපි අපේ මහජන අරමුදලින් ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඇප කැපවී සිටින බවද පැවසීය. 
     
    මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය මගින් සිදු කරන අතර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහි අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරයි. වැඩසටහනේ මෙහෙයවීම් කටයුතු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් සිදු කරයි.
     
    මෙම සමාරම්භක උළෙල සදහා පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍කේ.එච්.නන්දසේන, පළාත් සභාවේ සභාපති ටි.එම්.ආර්.සිරිපාල, පළාත් සභා මන්ත්‍රිවරුන් වන සුසිල් ගුණරත්න, උපාලි විජේකෝන්, කල්යාණි කරලියද්ද සහ ඩි.එම්.අමරතුංග යන මහත්ම මහත්මින් මෙන්ම පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් අනෝමා මානෙල් මහත්මිය ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya