මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යකඩ යුගයේ සොහොන් බිමක් හමුවේ

    නොවැම්බර් 23, 2016
    අදින් වසර 2600 - 3000 ත් අතර කාල වකවානුවට අයත් පුර්ව ඓතිහාසික යකඩ යුගයේ යැයි කිව හැකි ඉපැරණි සොහොන් භූමියක් පොළොන්නරුවෙන් හමුවී ඇත. 
    පොලොන්නරුව ඇලහැර, සිරිකදු යාය කටුව නමැති ප්‍රදේශයෙන් මෙම ඉපැරණි සොහොන් භුමිය හමුව ඇත.   
     
    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොලොන්නරුව තදාශ්‍රිත ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ ගවේෂණ ව්‍යපෘතියක් මගින් මෙම ස්ථානය හදුනා ගත් බවත් මෙය (ශිෂ්ට්) මෙගලිතික වර්ගයට අයත් ඉපැරණි සොහොනක්  ලෙස මුලික සාදක මගින් හදුනා ගැනීමට හැකි වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය. 
     
    මේ අනුව ඉදිරියේදී මෙහි කැනීම් කටයුතු සිදු කර එහි අභ්‍යන්තර තොරතුරු පුරා විද්‍යාත්මකව තහවුරු කර ගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවත් මෙමගින් පොලොන්නරුව ඉතිහාසය පිළිබඳව තවත් ගැඹුරු අදහසක් මතු කර ගැනීමට හැකි වනු ඇති බවද මහාචාර්යවරයා අප හමුවේ පැවසීය. 
     
    පොළොන්නරුවෙන් පුරා විද්‍යාත්මකව හමු වූ ප්‍රථම ඉපැරණි සොහොන ලෙස වාර්තා කිරීමටද පියවර ගන්නා බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩි දුරටත් සදහන් කළේය.
     
    AP/DMU - Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya