අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදු කර නැහැ

    නොවැම්බර් 23, 2016
    නව රජය පත්වීමෙන් පසු කිසිඳු පුද්ගලයෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදුනොකළ බවත්, එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ටද මේ රටේ නිදහසේ ජීවත්වීමේ අවස්ථාව දැන් උදාවී ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ ඊයේ (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින් 163 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    මත්ද්‍රව්‍ය භාවිතය හා හොරකම නිසා 1000කට ආසන්න පිරිසක් විදේශ රටවල හිර ගෙවල්වල සිටින බවත් විදේශ රැකියා සඳහා පිටත්ව තමන්ගේ රාජකාරිය නිසි ආකාරයෙන් සිදු කරගෙන රටේ නමත් ආරක්‍ෂා කරගන්න දැනගත යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    "අපේ රටේ ශ‍්‍රමිකයො ඉන්න හැම රටකට ම වගේ මම ගිහින් ඒ රටේ අමාත්‍යවරු හමුවෙලා තියෙනවා. ඔවුන්ගෙන් මම ඉල්ලන්නේ වැරදි දෙයක් කරනවා නම් කිසි ප‍්‍රශ්නයක් නෑ ආපහු එවන්න කියලා. ඒ නිසයි අපිට මේ වගේ අවස්ථා ලැබෙන්නේ. රැකියාවට ගිහින් හොරෙන් පනින එක ජාවාරමක් කරගෙන ඉන්නේ. අවුරුදු ගාණක් ඒ රටවල ඉන්න අය මේ වගේ වැඩවලට උදව් කරනවා. ඔවුන් ගැන කිසිම දෙයක් අපිට කරන්න බෑ. ඊශ‍්‍රායල් යවන්න කියලා රුපියල් ලක්‍ෂ 15-20 එකතු කරපු අය පහුගිය දවස්වලත් අත්අඩංගුවට ගත්තා. ඉදිරියේදී සාත්තු සේවිකා සඳහා යවන අයත් රජයේ අනුග‍්‍රහයෙන් යවන්න වෙයි. දේශපාලන රැකවරණ ඉල්ලපු අය නොමග යවපු මෙහෙන් ගිය කාන්තාවන් දෙදෙනෙක් ඒ රටේ මේ ජාවාරම කරගෙන යනවා. ඔවුන්ට කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. අපි ඒ රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න කියලා” යැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය. 
     
    2015 වසරේ ලාංකික ශ‍්‍රමිකයින් 89 දෙනෙකු සඳහා පමණක් ඊශ‍්‍රායලයේ රැකියා අවස්ථා ලද අතර, 2016 වසරේ විදේශ රැකියා අමාත්‍යවරියගේ දැඩි කැපවීම හා උත්සහය මත රැකියා අවස්ථා 363ක් ලාංකිකයින් සඳහා ලබාගැනීමට හැකිවිය. 
     
    මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඩී.ඩී.ප‍්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya