අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වරට ධීවර ගුවන් විදුලි විකාශන සේවාවක් ඇරඹේ

    නොවැම්බර් 22, 2016

    ලෝක ධීවර දිනය ඊයේ (21)ට යෙදී තිබූ අතර එම ධීවර දිනය සමරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ධීවර වාරාය නීතිගත සංස්ථාව මගින් ධීවර ගුවන් විදුලි සේවය නමින් ගුවන් විදුලි සේවාවක් ආරම්භ විය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම විකාශන මැදිරිය විවෘත වූ අතර, පළමු අදියරේ දී මෙම ගුවන් විදුලි සේවාව අන්තර්ජාලය පදනම් කරගත් ගුවන් විදුලි විකාශනයක් වශයෙන් ද, ධීවර වරායන් 20ක විකාශනය කෙරේ.

    එමෙන්ම දෙවන අදියරේ දී සමස්ත රටම ආවරණය වන පරිදි, FM නාලිකාවක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, කාළගුණික පුවත්, ධීවර අනාවැකි, ස්වාභාවික විපත් පිළිබඳ තොරතුරු, සංගීතමය වැඩසටහන්, මසුන් ආශ්‍රිත තොරතුරු සහ ධීවර අණපනත්, නීති පිළිබඳ තොරතුරු විකාශණය කිරීමට නියමිතය. මේ සඳහා පැවති උත්සවයේ දී මීගමුව පිටිපන ධීවර ප්‍රජාව විසින් ඔවුන්ගේ පාරම්පරික ගායනා ඉදිරිපත් කරනු ලැබීය.

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් පසුව මත්ස්‍ය අපනයන කටයුතුවලින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇතැයි ද ඒ යටතේ ගත වූ මාස 03 තුළ මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 9,000ක් රජය උපයා ගෙන ඇති අතර මත්ස්‍ය මෙට්‍රික් ටොන් 37,000කට අධික ප්‍රමාණයක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ද එය ධීවර ජනතාව ලද ජයග්‍රහණයක් යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

    මේ වන විට ලොව පුරා සෑම රටක ම පරිභෝජනය කරන ආහාර සම්බන්ධයෙන් සෞඛ්‍යමය ගැටලු පැන නැගී තිබෙන නමුත් පරිභෝජනය කරන මසුන්ගෙන් 99.9%ක්ම වස විසෙන් තොර බවත්, එම නිසා මසුන් පරිභෝජනය කිරීම වැඩි වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    එමෙන්ම, ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය යොදවා මසුන් මරණ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමටත්, එසේ කරන ධීවරයින් ව්‍යාපාරිකයින් මෙන්ම, බෙදාහරින්නන්ද අත්අඩංගුවට ගන්නා අතර, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ශක්තිමත් කර තිබෙන බවත්, අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

    එම නිසා ධීවර කර්මාන්තයේ දී අනාගත පරපුර සඳහා මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමේ වගකීම ධීවර ප්‍රජාව සතු වන බවත්, ඒ සඳහා කටයුතු කරන්න යැයි ද, මෙහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියාය.

    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති අමරානන්ද අබේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya