ඒ අනුව ගංතුන, උඩගම හා මැදගම යන ග්‍රාම සේවක කොට්ඨාස වලට අයත් පවුල් 3,000 කට ආසන්න පිරිසකට මෙමගින් සහන සැලසේ.
2006 වසරේ සිට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය නොවූනු මෙම මාර්ගයේ පිළිසකර කිරීම් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී ඇත්තේ ප්‍රදේශයේ දානපතියන් විසිනි. ඒ අනුව සිමෙන්ති කොට්ට 120 ක් , ගල් වැලි සපයා ගැනීමෙන් අනතුරුව ගම්වැසියන්ගේ ශ්‍රමදායකත්වයෙන් පිළිසකර කිරීමේ කටයුතු සිදුකෙරිණි.
මුහුදු මට්ටමේ සිට අඩි 1,624 ක් උසින් යුතු ගංතුන කඳුකර ප්‍රදේශයේ ජනතාව කෘෂි වගාවෙන් ජීවිකාව ගෙන යන අතර විශේෂයෙන්ම තේ වගාව මෙහි ප්‍රධාන කෘෂි බෝගය වේ. මාර්ගය අබලන් වීම තම නිෂ්පාදන වෙළෙඳ පළට රැගෙන යාම ප්‍රධාන ගැටළුවක් බව ගම්වැසියෝ සඳහන් කරති.
AP/DMU-Kegalle