අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්

    නොවැම්බර් 21, 2016

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින  පුරා අහස වළාකුලින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වර්ධනයක් විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු, පළාත්වල අ‍පේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වන අතර ‍‍සෙසු ප්‍රදේශ වල  විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වේ.

     

    සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල තරමක් තද වැසිද (75mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya