අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICTA ප්‍රදර්ශන කුටියෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවකට පියවර කිහිපයක්

    නොවැම්බර් 20, 2016

    මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක් කර ගැනීම සඳහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය.


    පාසල් ශිෂ්‍ය ප්‍රජාව සඳහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම් පිළිබඳව මෙහිදී සජීවී ආකාරයෙන් අත්දැකීම් ලබා ගැනීමට මෙම ප්‍රදර්ශන කුටියෙදී හැකිවිය.

     

    එසේම තරුණ තරුණියන්ගේ ජීවිතවලට ඉතා සමීප අන්තර්ජාලය මුහුණු පොත මෙන්ම ජංගම දුරකථනය  පරිහරණය කිරීමේදී ආරක්ෂාකාරී මෙන්ම සමාජයට හිතකර ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද දැනුම්වත් කෙරිණි.

     

    ජාතික කෞතුකාගාරය නැරඹීමේදී එම දෑ පිළිබඳව සවිස්තර තොරතුරු මෙන්ම  රූපරාමු සහ  හඩ සහිතව නරඹන්නංගේ    පහසුව සඳහා සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුමක් පිළිබඳවද මෙහිදී සජීවී අත්දැකීමක් ලබා ගැනීමට ජනතාවට මෙහිදී හැකිවිය.
    තවද 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රිය  හරහා ලබා ගත හැකි මහජන සේවාවන් මෙන්ම ඉ-වාහන ආදායම් බල පත්‍රය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී ජනතාව දැනුම්වත්‍ කෙරිණි.

     

    මෙහිදී නරඹන්නන්ට නියෝජිතායතන ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් තාක්‍ෂණ බල මහිමයේ තවත් සොදුරු අත්දැකීමක් විද ගැනීමට ද අවස්ථාව ලබා දී තිබිණි.ඒ වීඩියෝ ක්‍රිඩාවල නිරතවීමට ලබා දී තිබු අවස්ථාවයි. මහසයුරේ කිමිදෙමින් සජීවී ලෙස ලබා ගන්නා අත්දැකීමක්ද දැඩි බාධක දුෂ්කරතා මධ්‍යයේ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දෙමින් ගොඩනැගිල්ලක් තුළ ගමන් කිරීම එම ක්‍රිඩා අතර විය.


    මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේද ජාතික හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයයි.


     විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද නියෝජිතායතනයේ ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා පැමිණි අතර එම අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමමේ  සභාපති පී.ජී.කුමාරසිරි යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya