නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය අද

    නොවැම්බර් 17, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන රාජ්‍ය  හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය අද (17) දින පෙ.ව. 9:30 සිට පෙ.ව. 11:30 දක්වා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සියලුම සේවා නියුක්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සියලුම සේවා නියුක්තිකයින් ගණන් ගැනීමේ සහ ඔවුන්ගේ ප්‍රජාවිද්‍යාත්මක හා සමාජ- ආර්ථික  තොරතුරු රැස් කිරීම මෙම සංගණනයේ  මූලික අරමුණ වේ. මෙම සංගණන මගින් සම්පාදනය කරනු ලබන තොරතුරු රාජ්‍ය සේවයේ ගුණාත්මක බව තවදුරටත් වර්ධනය කිරීම සදහා උපකාරී වේ.

    දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි (www.statistics.gov.lk) සහ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලට ලබා දී ඇති මුද්‍රිත උපදෙස් පරිශීලනය කොට අද දින සංගණන ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කොට මෙම සංගණනයට සහය දක්වන මෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya