නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග නීති කඩ කරන්නනට එරෙහි රු 2500 අවම දඩයට හේතුව පෙන්වා දෙයි

    නොවැම්බර් 14, 2016

    මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්‍රමෝයායන් ලෙස අයවැය මගින්  වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවන ලද  රු.2500.00 යේ අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි කිසිදු  වෙනසක් කරන්නේ නැතැයි   මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    මාර්ග නීති රීති නොසලකා හැරීම ඇතුළුව නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. අය වැය සකස්කිරීම සඳහා ලැබූ යෝජනාවලින් 90% කින් පමණම ජනතාව ඉල්ලා සිටියේ රටේ සියලු ක්ෂෙත්‍රයන්හි විනය ඇතිකිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළ යුතුයි යන්නයි.

    මාර්ග නීති උල්ලංඝනය කිරීම ට එරෙහිව අය වැය මගින් පනවන ලද රු 2500.00 අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථ කරුවන්ගේ හා පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බව පෙන්වා දුන්නේය.

    පුද්ගලික බස් ධාවකයන් මෙතරම් නීතියට එරෙහිවන්නේ ඇයි දැයි විමසූ මුදල් අමාත්‍යවරයා මාර්ග නීති නිරතුරුව කඩකරන්නේ ඔවුන් යැයි ඔවුන්ම පිළිගන්නා බව මෙයින් ඔප්පු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පොලිස් වාර්තාවට අනුව මෙම වසරේ දී මේ වනතෙක්  රිය අනතුරුවලින් 3,000 ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙමගින් ලංකාවේ පාරවල් ලොව අවදානම් මාර්ග බවට පත්ව තිබේ. මෙය අප වෙනස් කළ යුතුයි. තවද මෙය යුද්දය හේතුවෙන් වසරකට මැරුණු සංඛ්‍යාව අභිබවා යෑමකි.

    මෙම අවම දඩමුදල් නියම කිරීම ට විරුද්ද වීම හරහා, මිනිසුන් අනතුරුවලින් මරුමුවට පත්කිරීම වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබදෙන්නයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවක් පෙනේ.

    අය වැය වෙනුවෙන් ලැබුණු යෝජනා පිළිබඳව ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා සහ විනයක් ගෙන ඒමට වහ පියවර ගත යුතු යැයි ඉල්ලා සිටියේ.

    මාර්ග නීති කඩ කරන්නන්ට එරෙහිව තද බල නීති ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව සමාජයේ සියලු පාර්ශ්වයන් එකා මෙන් රජයෙන් ඉල්ලා සිටි අතර එමගින් වාහන භාවිත කරන්නන් පමණක් නොව පදිකයන් ද ආරක්ෂා වන බව රජය සමඟ සාකච්ඡා කළ ජනතාව පෙන්වා දුන්හ.

    මාර්ග නීතිය යටතේ අවම දඩය වැඩි කළේ රජයට ආදායම් මාර්ගයක් ලෙස නොව රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම සඳහා වන උපක්‍රමයක් ලෙස හා මාර්ගය ආරක්ෂා සහිත කිරීම සඳහාත් ය. එහෙයින් මාර්ග නීති කඩ නොකරන රියදුරන් හෝ වාහන හිමියන් කිසිවෙකුත් මෙසේ දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. මාර්ග නීති කඩ කරමින් අනතුරු දායක ලෙස රිය පදවන්නන් දඩ ගෙවීම සිදු කළයුත්තකි.

    මාර්ගයේ වාහන තද බද අතිවන්නේ ද විනය විරෝඩීව රිය පදවන්නන් නිසා යැයි පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙන බවට වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya