නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 44,822 ක්

    නොවැම්බර් 13, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබුන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

    ඒ අනුව විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් කළාපවල මදුරු කීටයන් වැඩි වශයෙන් දක්නට ලැබුණු බව ඒ මහතා සඳහන් කරයි.
    පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුල ඩෙංගු රෝගය පැතිරීෙමි අවධානමක් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේ ශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කල අතර, ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය 10 සහ 11 යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.
     
    මෙම දෙදින බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 12,056 ක් පරික්ෂාවට ලක්කර මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 506 ක් සොයා ගත් අතර එහිදී පරිශ‍්‍ර 1,565 ක් නිවැරදි කිරීමටත්, 867 කට නොතීසි නිකුත් කිරිමටත්, 316 කට නඩු පැවැරිමට ද කටයුතු කර තිබේ.
     
    2016 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 44,822 ක් හමු වී ඇති අතර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya