නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක විදුහල්පතිවරුන්ට මැලේසියාවේදී පුහුණුවක්

    නොවැම්බර් 13, 2016

    මැලේසියාවේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ පුහුණු වැඩමුළුවක් සඳහා සහභාගි වන නවක විදුහල්පතිවරුන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අධ්‍යාපන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පසුගියදා සිදු විය.

    විදුහල්පති විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් වෙනුවෙන් නායකත්වය හා කළමනාකරණය පිළිබඳව පුහුණුවකට මෙම පිරිස සහභාගි වන අතර ඉදිරියේදී මෙවැනි කණ්ඩායම් කීපයක් සහභාගි කරවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාග සඳහා පෙනී සිටි විසිදහසකට ආසන්න අපේක්ෂකයින් අතරින් විභාගය ඉහළින්ම සමත් 3901 දෙනෙකු පසුගිය ජූනි මස 16 වෙනි දා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගනු ලැබී ය.

    මෙම විභාගයෙන් ඉහළින්ම සමත් නවක විදුහල්පතිවරුන් වෙත විදේශීය පුහුණු අවස්ථා  ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya