විශේෂයෙන්ම පැරසිටමෝල් වර්ගයක් අලෙවි කරන සමාගමක් මෙලෙස සිය ස්ථාවරය වෙනස් කරමින් මිල පාලන වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට ලිපියක් යොමු කර ඇත. මෙම සමාගමේ නියෝජිතයින් ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක කළ දිනයේ දී මිල පාලනයට විරුද්ධත්වය පළ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්ෂණික මහජන පැමිණිලි ඒකකයක් ස්ථාපිත කොට ආහාර සහ ඖෂධ පරික්ෂකවරු මගින් ඖෂධ අලෙවිසැල් වැටලීමේ වැඩපිළිවෙලක් ද දියත් කරන ලදි. එම නිසා මිල පාලන ක්‍රමවේදනයට අනුකූලව කටයුතු කිරීම සතුටට කරුණක් බවත් රෝගී ජනතාව දෙස බලා අනෙකුත් සාමාගම් ද මෙම වැඩපිළිවෙලට දායක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
කිසිදු ඖෂධ සමාගමක් වසා දැමීමේ අරමුණින් ඖෂධ ප‍්‍රතිපත්තිය සහ මිල පාලනය ක‍්‍රියාත්මක නොකරන බව පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ හිඟයක් මතු කළ හොත් ඊට මුහුණදීමට ද සුදානම් බව ප‍්‍රකාශ කරයි. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව යමින් මිල අධික ඖෂධ වර්ගවල මිල පාලනය කිරිම සිය මීළඟ අරමුණ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.