අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් පැතිරීම වැළැක්වීමට වැඩසටහන් රැසක්

    නොවැම්බර් 12, 2016

    ඒඩ්ස් පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇත.

    මේ පිළිබඳව ජාතික ලිංගාශී‍්‍රත රෝග මර්දන වැඩසටහන විසින් ක‍්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් රාශියක් වෙයි.

    දැනට ඒඩ්ස් ආසාදනය මනාව පාලනය කළ රටක් හැටියට ශ‍්‍රී ලංකාව සළකනු ලබන අතර එහි ප‍්‍රවණතාවය ජනගහනයෙන් සියයට 0.03 පමණවෙයි. එලෙස ප‍්‍රධාන අවදානම්කණ්ඩායම වන ලිංගික ශ‍්‍රමික කාන්තාවන්, පිරිමි සමලිංගිකයන් සහ එන්නත් මගින් මත්ද්‍රව්‍ය ලබාගන්නන් යන කණ්ඩායම් වල ද ඒඩ්ස් පැවතීමේ ප‍්‍රවණතාවය ද සියයට 1% කටත් වඩා අඩු වෙයි.

     

    මෙම තත්ත්වය තවදුරටත් අඩු කර ගැනීම සදහා අවශ්‍ය ක‍්‍රීයාමාර්ගයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව ජාතික ලිංගාශ‍්‍රීත හා ඒඩිස් රෝග නිවාරණ ව්‍යාපාරය මගින් සියළුමඅංශ ආවරණය වන සේ වැඩසටහන් ක‍්‍රීයාත්මක කරයි. ඒ සදහා මධ්‍යම ආණ්ඩුවෙන් පමණක් මිලියන 600 ක් පමණ වසරකට වැය කෙරේ. ඇස්තෙමින්තු අනුව ශ‍්‍රී ලංකාවේ දැනට ඒඩ්ස් ආසාදිතයන් 4200 ක් පමණ ජීවත් වෙයි. ෙමි වනවිට සොයාගෙන ඇති ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව 2502 කි. ඔවුන් අතුරින් 495 ක් මියගොස් ඇති අතර  සොයාගත් අයගෙන් දැනට ජීවත්වන සංඛ්‍යාව 2097 ක්  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya