අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සහ මගී ප‍්‍රවාහන බස්රථ රියදුරන්ගේ අක්ෂි ආබාධ කෙරෙහි අවධානය - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    නොවැම්බර් 12, 2016

    ජාතික අනතුරු නිවාරණ සතියේ දී පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස්රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.  

    ජාතික අනතුරු නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කිරීෙමි මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය. එහිදී 2016 නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රීයාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීයඒකකය වන බෝනොවන රෝග අංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා-  ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනය” ලෙස නොවැම්බර් මස 03 වන ඉරිදා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. දිනයට සමගාමීව මෙම සතිය ක‍්‍රියාත්මක කරනවා. වර්තමානයේ දිනකට මාර්ග අනතුරු 06 ක් 08 ක් සංඛ්‍යාවක් සිදු වෙනවා.

    මෙම සතිය තුළ දී මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවීෙමි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කිරීම,ඉදිරියේ දී අනතුරු ඇතිවීමේ අවධානම අවම කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ග කාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපෙක්ෂා කරනවා. මෙම සතිය නොවැම්බර් මස 15 සිට 18 දක්වා ක‍්‍රීයාත්මක කෙරෙන අතර,
    15 වනිදා පාසල් සහ පෙරපාසල් සුරක්ෂිත දිනය ලෙස ද, 16 වන දා රාජකාරී ස්ථාන සුරක්ෂිතතා දිනය ලෙස ද, 17 වන දා ගෘහස්ථ ආරක්ෂිතතා දිනය ලෙස ද, 18 වනිදා මාර්ග සුරක්ෂිතතා දිනය ලෙස ද වෙන් කර තිබෙනවා.

    මෙහිදි පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. පසුගිය කාලය පුරා අක්ෂි ආබාධවලට ගොදුරු වූ රියදුරන් සොයාගෙන තිබෙනවා. එම නිසා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි, යැයි ද වැඩිදුරටත් පැවැසීය.

    2016 වර්ෂයේ මුල් මාස 06 තුළ  දී මූලික රෝහල් සහ ඉහළ මට්ටමේ රෝහල් වලින් ලබාගත් හදිසි අනතුරුවලට අදාල දත්ත වලට අනුව අනතුරුවලට ගොදුරුවූවන් පිළිබඳ ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1:2 කි. (සියයට 34 ක් ස්ත‍්‍රී සියයට 66 පුරුෂ,) වාර්තා කරන ලද සියළුම අනතුරුවලට අනුව සත්ව සපාකෑම් සියයට 29% කි. ප‍්‍රවාහන අනතුරු ( මාර්ග අනතුරු දුම්රිය අනතුරු සහ ජලයේ ප‍්‍රවාහන අනතුරු  සියයට 17%6 කි.වැටිම් සියයට 16% කි. කැපීම් සහ ඇනීම් සියයට 11.1% කි.

    එමෙන්ම අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ දෙස බැලීෙමි දී ප‍්‍රවාහන අනතුරු හේතුවෙන් සියයට 29 ක් ද වැටිම් හේතුවෙන් සියයට 09 ක් ද  විෂවීම් හේතුවෙන් සියයට 09 ක් ද සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් සියයට 09 ක් දස්වභාවික බලවේග නිිසා සියයට 08 ක් සහ දියේ ගිලීම් හේතුවෙන් සියයට 06 ක් වශයෙන් වාර්තා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya