මෙවර අයවැයෙන් වයස අවුරුදු 5-19 ත් අතර පාසල් දරුවන් සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා රක්ෂණාවරණයක් ලබා දීමට පියවර ගෙන ඇත. මෙමඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000 ක් හා රෝහල් ගත කිරීමේදී රුපියල් ලක්ෂයකට යටත්ව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙම රක්ෂණ වාරික සඳහා මිලියන 2,700 ක් වෙන් කර ඇත.