අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර විශ්ව විද්‍යාලය සංවර්ධනයට තුර්කියේ ආධාර

    නොවැම්බර් 10, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රීතව දැනුමෙන් මෙන්ම හැකියාවෙන් පිරිපුන් තරුණ පරපුරක් සදහා වෘත්තීය පුහුණුව ලබාදීමට අවශ්‍ය ආකාරයෙන් සාගර විශ්ව විද්‍යාලය සංවර්ධනය සදහා උපකාර කිරීමට තුර්කිය ඉදිරිපත් වි ඇත .
    ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් හා  තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම අතර නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ජාවේදීය .
     
    එහිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වෘත්තීකයන් බිහිකරන සාගර විශ්ව විද්‍යාලය පිළිබද මෙම තුර්කි නියෝජිත කණ්ඩායමට පැහැදිලි කර දෙනු ලැබිය .
     
    එහිදී NEZAKET EMINE ATASOY මහත්මිය කියා සිටියේ ධීවර කර්මාන්තයට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ කැපවීම තුර්කිය බෙහෙවින් අගය කරන බවය .
      
    මොරොක්කෝ වලදී පසුගිය මාර්තු මාසයේදී පැවති ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පළමු වරට හමුවූ බවත් එහිදී එතුමා කල ආරාධනය අනුව පස්දින සංචාරයක් සදහා ඉකුත් 07 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියේ දෙරට අතර සුහදතාව වර්ධනය කර ගනිමින් මෙරට සංවර්ධනයට සහය දීමට  බව තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය පෙන්වා දුන්නාය .
     
    ඒ අනුව මෙරට ධීවර කර්මාන්තය වෘත්තීය මට්ටම දක්වා නගා සිටුවීම වෙනුවෙන් දැනුම හා  තාක්‍ෂණයද සෙසු පහසුකම්ද සැලසීමට තමන් සුදානම් බව  NEZAKET EMINE ATASOY මහත්මිය සදහන් කලාය.
     
    ඉදිරියේදී දෙරට අතර ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මෙහිදී සදහන් කල තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනිය ධීවර ක්ෂේත්‍රය පිළිබද උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණයන්ට තුර්කියේ උසස්ම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවට සහතික විය .
     
    ශ්‍රී ලංකාවෙන් පිටත්ව තුර්කියට ගිය වහාම ඒ සදහා අවශ්‍ය කටයුතු සලසන බවටද තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනිය අවධාරණය කලාය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya