අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපත්තිමය තීරණ පහළ මට්ටමේදී ක්‍රියාත්මක නොවීම කණගාටුදායකයි - අධ්‍යාපන ඇමැති

    නොවැම්බර් 10, 2016

    රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ඇතැම් පළාත් සභා විසින් නොසලකා හැරීම පිළිබඳ කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    සමස්ත පාසල් පද්ධතිය වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගත්තත් පහළ මට්ටමට යාමේදී ඒවා ක්‍රියාත්මක නොවන බවත් විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත් 3901 දෙනෙකු  සේවයේ ස්ථානගත කිරීමට කැබිනට් මණ්ඩලය ලබාදුන් තීරණය නොසලකමින් ඇතැම් පළාත් සභා කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති තාක්ෂණවේදය විෂය ක්‍රියාත්මක තාක්ෂණ පීඨ ඉදිකර ඇති පාසල් 250 ක් සඳහා ගුණාත්මක යෙදවුම් මිලට ගැනීමේ මුදල් ප්‍රතිපාදන වෙන් කරදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඊයේ (09) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයන්හි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීමට සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික වැඩ මේස වයරින් කිරීම සඳහා එක් පාසලකට රු.140,000 බැගින් පාසල් 250 ක් සඳහා චෙක්පත් ලබා දීම මේ අවස්ථාවේදී සිදු කෙරිණි.

     

    විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සුවිශේෂි වූ දක්ෂතා  දක්වන පාසල් දරුවන් දිරිමත් කිරීමට ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද පැවසූ අමාත්‍යවරයා පාසල් නව නිපැයුම් වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රණයන් ලබාගත් ඒ. ජී එන් ඩී වික්‍රමරත්න -ඩී. බී. විජේතුංග ජාතික පාසල (කෝපි අස්වනු නෙළන යන්ත්‍රය), බී. කේ. එස්. නිශාන්ත - පින්නවල ජාතික පාසල (වැසි සංවේදී බහුකාර්ය කෙවෙනිය), කේ. කේ. එස්. එස්. සෙව්වන්දි -බොමිරිය ජාතික පාසල (පඩිපෙළ නැගීමේ ආධාරකය), ඩබ්. එස්. යූ. අබේවික්‍රම - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (හයිඩ්‍රොලික් දඬු අඬුව), ටී. ඩී. චමිදු ජයසංඛ -හංවැල්ල රාජසිංහ ජාතික පාසල (වැඩිදියුණු කළ සීරු මාරු කළ හැකි අත්වාරු), ජී. ශමික චමෝද් - කැළණිය ගුරුකුල මධ්‍ය මහා විද්‍යාලය (ස්වයංක්‍රීයව විදුලියෙන් පිට්ටු සෑදීමේ යන්ත්‍රය), ඒ. නිපුන් අවිශ්ක ද සොයිසා - කැළණිය ගුරුකුල මධ්‍ය මහා විද්‍යාලය (ස්වයංක්‍රීය විදුලියෙන් ඉදිආප්ප මිරිකීමේ යන්ත්‍රය), හේෂාන් තරිඳු කලුබෝවිල - හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය (බීමත් පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීමේ උපකරණය) යන සිසුන්ට හා ඔවුන්ගේ ගුරුවරුන්ට ත්‍යාග  ප්‍රදානය කිරීමට මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    රජය ගන්නා ප්‍රතිපත්ති මත පිහිටා සියලු රජයේ ආයතන නිසියාකාරව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යවරයා සියලු ජාතික පාසල් හා පළාත් පාසල්වල ගුරු තුලනය ඇති කිරීම සඳහා කටයුතු කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් හා ප්‍රධාන අමාත්‍යවරුන් සියලු දෙනා සමඟ පැවති සාකච්ඡාවකදී එකග වූ බවද  ඉදිරියේදී ජාතික පාසල්වල හා පළාත් පාසල්වල සියලුම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන බව ද වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya