අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපුර අන්තර් ජාතික පර්යේෂණ සමුළුව අද සහ හෙට

    නොවැම්බර් 10, 2016
    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ 5 වන අන්තර්ජාතික පර්යේෂණ සමුළුව අද (10) සහ හෙට (11)දෙ දින තුළ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ දී පැවැත්වේ.
     
    "පරිණාමණය සඳහා බලවන්තකරණය :උ‍ද්‍යෝග පාඨවලින් ඔබ්බට" යන්න මෙවර පර්යේෂණ සමුළුවේ තේමාවයි.
     
    ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය, ජපානය, තායිලන්තය, සෞදි අරාබිය, නයිජීරියාව ආදී රටවල් දහයකට අධික ප‍්‍රමාණයක පර්යේෂකයන් 188ක් මෙවර සමුළුවේ දී පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කරති.
     
    එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයෙහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩේවිඩ් අමිගොනි, ලන්ඩන් විශ්වවිද්‍යායේ ක්වීන්මේරි විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්කොට් මැක්ක‍්‍රැකන් සහ ලර්න් ඒෂියා පර්යේෂණායතනයේ ප‍්‍රාරම්භක සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරු මෙම පර්යේෂණ සමුළුවේ මුඛ්‍ය දේශන පවත්වති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya