අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියට සිසුන් 19ක්

    නොවැම්බර් 10, 2016

    ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ කණිෂ්ඨ ශූරතාව දිනාගත් සිසු 19 දෙනෙකු ඉන්දුනීසියාවේ පැවැත්වෙන 13 වන ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීමට එක්ව සිටිති.


    එම සිසුන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.

     

    මෙ තරගාවලිය ඊයේ (09) ආරම්භ වූ අතර ලබන 13 වැනි දින දක්වා ඉන්දුනීසියාවේදී පැවැත් වේ.

     

    මෙහිදී ගණිත අංශය වෙනුවෙන් එල්. ඩී. පතිරණ (රාජකීය විද්‍යාලය, කොළඹ 07), ආර්. ඒ. එම්. එන් ද සිල්වා (ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය), ටී. ඒ. බිනුර තේජාන් (ඩී.එස් සේනානායක විද්‍යාලය, කොළඔ 07), ඩී.කේ. ඩී. ටෙසන්යා(දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08), කේ. එම්. අන්ෆාස් (මෙත්තායිපල්ලි විද්‍යාලය, මඩකලපුව), අයි.බී. දිසානායක (රාජකීය විද්‍යාලය, කොළඹ 07) යන සිසු සිසුවියන්ද විද්‍යා අංශය වෙනුවෙන් අයි.කේ.බී.සන්දිරිගම (මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල), එස්.වී.කහදගමගේ (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), නවෝද්‍යා එස්. ලියනපතිරණ (මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල), ඩී.එම්.ආර්.පී.රත්නවීර මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල), ආර්.ඩී.එල්.සී.කුලරත්න (බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය) ඩබ්.ඩබ්.ඒ.එච්. දුලාජ් ප්‍රනාන්දු (රාජකීය විද්‍යාලය-කොළඹ 07), එස්.ඩී.එච්. සෙනෙවිරත්න (මලියදේව බාලිකා විද්‍යාලය-කුරුණෑගල) යන සිසු සිසුවියන්ද එක්ව සිටිති.

     

    මෙම ජාත්‍යන්තර තරගය නියෝජනය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔලිම්පියාඩ් ජාතික ශූරයින්ට විශේෂ නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya