අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    VTA පාඨමාලා ජනවාරියේ සිට නොමිලේ

    නොවැම්බර් 09, 2016
    ලබන වසර ආරම්භයේ සිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සියළු පූර්ණ කාලීන පාඨමාලා ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
     
    NAITA, සාගර විශ්වවිද්‍යාලය වැනි වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතන සියල්ල මේ අනුව ගාස්තු රහිතව පාඨමාලා සඳහා සිසුන්ට විවෘත වේ. 
     
    රජයට මේ වනවිටත් අයවැය යෝජනා යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අයවැයෙන් යෝජනා කළත් නැතත් ජනවාරියේ සිට එම ගාස්තු නිදහස සිසුන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි.
     
    මිලියන 162 ක වියදමින් අහංගම ප්‍රදේශයේ ඉදිවන සංචාරක හෝටල් පුහුණු පාසලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya