අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී කොළඹ දිස්ත්‍රික්කයට අලුත් නාගරික රටාවක්

    නොවැම්බර් 09, 2016
    මහනගර සංවර්ධන සැලසුමට අනුව කි‍්‍රයාත්මක වූ හෝමාගම -  තලගල මාර්ගය කාපට් කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා" අපි 2016 වසරේ ආරම්භ කළා බස්නාහිර පළාතේ නගර 23 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒකට අපේ හෝමාගම නගරයත් ඇතුළත්. අපි නව බස්නැවතුම්පොළක් ,මාර්ග පද්ධතියක් සැලසුම් කරලා තියෙනවා . අපි මේ වැඩකටයුතු කරගෙන යනකොට ඒ අදාල සංවර්ධන සභාවේ පක්‍ෂ විපක්‍ෂ හැමෝගෙම දායකත්වය බලාපොරොත්තු වෙනවා. මොකද ගැටීම්වලින් අපි සංවර්ධනය කළයුතු නැහැ. මෙම සංවර්ධනයන් හි අවසාන ප‍්‍රතිඵලය පක්‍ෂ බේදයෙන් තොරව හැමෝටම යනවා. ඒක නිසා ඒ හැමෝගෙම අනුමැතියෙන් ශක්තියෙන් තමයි අපි ඒ කටයුතු කරගෙන යන්නේ.
     
    අපි දැන් දන්නව මේ කොළඹ නගරය තවදුරටත් සංවර්ධනය කරන්න ජනගහණය පදිංචි වෙන්න දැන් අමාරුයි. ඒ නගරය එක්තරා මට්ටමකට ඇවිල්ලා. 1991 පවත්වපු ජන සංගණනයෙන් කොළඹ නගරයේ ජනගහණය හයලක්‍ෂ පනස්දාහයි. 
     
    2012 පවත්වපු ජන සංගණනයේදීත් කොළඹ නගරයේ ජනගහණය හයලක්‍ෂ පනස් දාහයි. නමුත් හෝමාගම" කඩුවෙල" කැස්බෑව වැනි ප‍්‍රදේශවල ජනගහණය කිහිප ගුණයකින් මේ කාලය ඇතුළත වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අලූත් නගර පද්ධතියක් අපට මේ කලාපයට අවශ්‍යයි. අද ගත්තම වැඩිම චන්දායකයො ඉන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ. නමුත් වැඩිම ජනගහණයක් ඉන්නේ කොළඹ. මැතිවරණ කොමසාරිස්වරයා වරක් කිව්වා  මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා කියලා දශලක්‍ෂයක් මැතිවරණයට සුදුසුකම් තියෙන" හැබැයි ලියාපදිංචිවෙන්න සුදුසුකම් නැතිව කුලියට ඉන්න අය. බෝඩිංවෙලා ඉන්න අය. 
     
    දැන් ඉන්නේ ලක්‍ෂ පහලොවයි. මොකද මේ පිරිසට ස්ථිරව පදිංචි වෙන්න තවදුරටත් බැහැ.  අපි බැලූවා මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ තියෙන ඉඩම් තව අක්කර 5,000 යි තියෙන්නේ ගෙවල් හදන්න. ඒ පන්දාහෙනුත් 80% ක් තියෙන්නේ හෝමාගම ආසනයේ අවිස්සාවේල්ල ආසනයේ. ඉතින් අපි පර්.15 සෙල්ලමට ගියොත්, තව පවුල් 50,000 කට විතරයි අද කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩ තියෙන්නේ. හැබැයි කුලියට ඉන්න පවුල් ප‍්‍රමාණයම ලක්‍ෂ 4 කට ආසන්නයි. ඒ වගේම පැල්පත්වාසීන් ප‍්‍රමාණය එක්ලක්‍ෂ විසිදාහකට ආසන්නයි කොළඹ දිස්ත‍්‍රික්කයේ. ඉතින් ඒ නිසා කොළඹ දිස්ත‍්‍රික්කයේ මේ නිවාස ගැටළුව නාගරීකරණයේ ප‍්‍රශ්න තාම දැඩි පීඩනයට ලක්වෙච්ච තැනක් හැටියට අපි දකිනවා. 
     
    ඒක නිසා මේ දිස්ත‍්‍රික්කය නැවත ගොඩනගන්න, ඒකට අවශ්‍ය කරන පහසුකම් සපයන්න  ඕනේ. ඒකට සපයන හැම පහසුකමටකටම විශාල ආර්ථිකයක් නිර්මාණය වෙනවා. විශාල ධනයක් ඒ මගින් උත්පාදනය වෙනවා. කොළඹ පාරක් හැදුවොත් ඒකට විශාල ආර්ථිකයක් ඇති වෙන්න පිටිවහලක් වෙනවා. රටේ ඉදිරි දියුණුවට ධන උත්පාදනයට හැම පැත්තකින්ම කොළඹට ඇවිල්ල ඉන්න අයට ප‍්‍රයෝජනයක් වෙනවා.  ඒක නිසා ඒ කොළඹ අනික් සංවර්ධනයට ආදර්ශයක් වන විදිහට ඉදිරියට ගෙනයන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.|
     
    අපි හෝමාගම ප‍්‍රදේශය විශේෂයෙන්ම කහතුඩුවේ ඉඳන් කඩුවෙල දක්වා ප‍්‍රදේශය තාක්‍ෂණ නගරයක් හැටියට හඳුනාගෙන තියෙනවා.  හෝමාගම අපි විශ්ව විද්‍යාල දැනටම 5 ක් ගෙනල්ල තියෙනවා. ඉදිරියේ තවත් විශ්ව විද්‍යාල, ගණනාවක් එනවා. විද්‍යා තාක්‍ෂණ නවෝත්පාදන ආයතන ගණනාවක් මෙහි පිහිටවෙනවා. ඒ වගේම මේ විශ්ව විද්‍යාල පද්ධතියට අමතරව අපි විශාල මධ්‍යමපාන්තික වෘත්තීයවේදීන්ගේ නගරයක් මේ මාහේන වත්තේ ඉදිකරනවා. මේ ප‍්‍රදේශය අපේ දු දරුවන්ට අනාගතයේ ඒ විද්වත් නගරයේ පහස මත ඉදිරියට යන්න පුළුවන්. 
     
    ඒ වගේම මේ ප‍්‍රදේශයේ අලූත් මංමාවත් අලූතෙන් ප‍්‍රවාහන පහසුකම් අපි ඇති කරනවා.  මේ සැතපුම් කිහිපයක් ඈතින් තියෙන කොට්ටාවේ" මාකුඹුරේ ලංකාවේ පළවෙනි බහුවිධ ඒ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරනවා. බත්තරමුල්ලේ හා කඩවතත් එවැනි ප‍්‍රවාහන මධ්‍යස්ථානත් කොටුවේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයත් ඉදිකරනවා. ඒ සියළු ප‍්‍රවාහන මධ්‍යස්ථාන යා කරන අධිවේගී මාර්ග ජාලයක්, දුම්රිය ජාලයක් ඇති කරන්න කටයුතු කරනවා.
     
    ඒවා යම් විධිමත් පියවරකට අනුව පිළිවෙලකට වැඩකටයුතු කරන්න  ඕනේ.  2020 වන විට ජනාධිපතිවරයාට  හා  අගමැතිවරයාට ලැබිලා තියෙන ජනවරම අනුව අලූත් නාගරික රටාවක් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇති කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ඒ කොළඹ දිස්ති‍්‍රික්කයේ ඇති කරන නාගරික රටාව විසින් මුළු රටේම නාගරික රටාව වෙනස් කරලා රට අලූත් මගකට ගෙනියන්න කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්න  ඕනේ. 
     
    මෙම අවස්ථාවට හෝමාගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි, හෝමාගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති එක්සත් ජාතික පක්‍ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මංජු ශ‍්‍රී අරංගල, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නලීන් ප‍්‍රදීප් උඩුවෙල යන මහත්වරුන්ද, හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී තරිඳු දීලීප ඇතුළු මන්ත‍්‍රීවරුන් ද ප‍්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.
     
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya