අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සිගරට් පැකට්ටුවක් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

    නොවැම්බර් 09, 2016
    ඕස්ටේ‍්‍රලියාව හඳුන්වා දුන් ආකාරයට සිගරට් වර්ගයෙහි රූපමය අවවාදය සහ නාමය හැරෙන්නට වෙනත් කිසිදු විස්තරයක් අඩංගු නොවන තනි සුදු පැහැති (ප්ලෙන්) සිගරට් පැකට්ටුවක් මෙරටට හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානම් වේ. 
     
    ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත‍්‍රිකාව සුදානම් කර ඇති අතර, එය ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරුන්ගේ උපදෙස් ලබාගනිමින් මෙම තනි සුදු පැහැති සිගරට් පැකට්ටුව හඳුන්වා දෙන අතර, එමගින් දුම්පානය අවම කිරිමට බලාපොරොත්තු වේ. 2020 වනවිට "දුමෙන් තොර දේශයක්" නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා  සිටියේ මෙරට වාර්ෂිකව දුම්පානය ආශ‍්‍රිතව හටගන්නා රෝගාබාධවලට ගොදුරුව 20,000 ක් පමණ මිය යන බවයි. මෙම ශත  වර්ෂය තුළ දී ලෝකවාසීන් මිලියන 100ක් පමණ දුම්පානයෙන් ඇතිවන රෝගාබාධවලට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 
     
    දුම්පානයෙන් ශ‍්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම සඳහා අදියරෙන් අදියර පියවර රැසක් ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බලාපොරොත්තුව සිටියි. ඒ අනුව ඉදිරියේ දී බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වල ද රූපමය අවවාද ඇතුළත් කිරීමට අවදානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනට වෙළෙදපොලේ ඇති සිගරට් පැකට්ටුවක් ගෙන එය වෙනස් වන අයුරු මාධ්‍ය හමුවේදී පෙන්වා දීමට කටයුතු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya