අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැති හිටපු මුදල් ඇමැතිවරුන් හමු වෙයි

    නොවැම්බර් 08, 2016

    මුදල්   අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු  මුදල්  අමාත්‍යවරුන් වන  චන්ද්‍රිකා  බණ්ඩාරනායක  කුමාරතුංග  මහත්මිය  හා  රොනීද මැල්  මහතා අතර හමුවක් සිදු විය.

    මුදල්  අමාත්‍ය  රවී කරුණානායක මහතා හිටපු  මුදල් අමාත්‍ය රොනිද මැල්  මහතා  හමු වූ අතර 2017 අයවැය  යෝජනාවලිය  සැකසීමට  අදාළව  මෙම  හමුව සිදුවිය. කොල්ලුපිටියේ  පිහිටි රොනීද මැල් මහතාගේ  නිවසේදී පැවති මෙම හමුවෙන්‍ අනතුරුව මාධ්‍යට  අදහස්  දැක්වු රවි  කරුණානායක මහතා  කියා  සිටියේ  ජනතා   අයවැයක්  රටට ඉදිරිපත්   කිරීම  සඳහා  සියල්ල සුදානම් කර  ඇති  බවයි. එහි  එක්  පියවරක්  ලෙස  හිටපු  මුදල්  අමාත්‍යවරුගේ  අත්දැකීම් හා  අදහස්  ලබාගැනීම  වැදගත්  බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


     
    අමාත්‍ය රවී කරුණානායක මහතා,  හිටපු  ජනාධිපතිනී  වන්ද්‍රිකා   බණ්ඩාරනායක කුමාරතුංග  මහත්මිය ද පසුගියදා හමු වූ  හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ජනතාවාදි  අයවැයක්  නොවැම්බර්  10 දින පාර්ලිමේන්තුවට   ගෙන එනු ඇති බවට තමා  විශ්වාස කරන බවයි.

     

    මෙහිදී  රවී කරුණානායක මහතා  කියා  සිටියේ  ජීවන බර  අඩුකරන,  රටේ  ආයෝජන ශක්තිමත්  කරන  ව්‍යාපෘති  ඇතුලත්   අයවැයක්   ගෙන  ඒමට  සියලු පියවර  ගෙන  ඇති  බවයි. ඒ සඳහා සියලු  අංශ  සමඟ සාකච්ඡා කර  අදහස්  ලබා ගන්නා  බවත්  රටට වෙනසක්   ගෙනෙන  අයවැයක්   නොවැම්බර්  10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්   අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya