අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමථ මණ්ඩලයට රිදී ජුබිලිය හා ජාතික දින සැමරුම හෙට

    නොවැම්බර් 08, 2016

    සමථ මණ්ඩලයට වසර 25ක් පිරී‍ම නිමිත්තෙන් රිදී ජුබිලිය සැමරීම සහ ජාතික සමථ දිනය සැමරීමේ උළෙල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    ජනතාව අතර පැනනගින සුළු ආරවුල් විසඳීම සඳහා ප්‍රජාව කේන්ද්‍ර කරගෙන ප්‍රජාව අතුරින්ම සෑම පාර්ශවයක්ම තෘප්තිමත් වන ආකාරය ගැටලු විසඳීම සඳහා හඳුන්වා දෙනු ලැබූ සමථ මූල මණ්ඩල ක්‍රමයට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ජාතික සමථ දින සැමරුම් උළෙල සංවිධානය කර තිබේ.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ , නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක, ස්වදේශ කටයුතු පිළිබඳ ආමාත්‍ය වජිර අබේවර්ධන යන  මැතිඇමතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

     වසර 25ක් පුරා සමථ මණ්ඩල ක්‍රමය දිවයිනේ ජනතාව අතර ජනප්‍රිය කිරීම සඳහා ස්වේච්ඡා‍වෙන් කැප වූ සමථ මූල සභිකයින් ඇගයීම සඳහා මෙම උත්සව අවස්ථාවේදී සිදු කෙරෙන අධිකරණ අමාත්‍යංශය පවසයි.

     
    නිදහසින් පසු මෙරට ජනතාව අතර පැනනගින සුළු ආරවුල් ගැටලු විසදීම සදහා 1958 අංක 10 දරණ සමගි මණ්ඩල පනත හඳුන්වා දෙමින් ජනතාව අතර පැන නගින සුළු ආරවුල් විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ නමුත් එම සමගි මණ්ඩල සඳහා තෝරා ගන්නා සභිකයන්ගේ දැනුම,පළපුරුද්ද හා කුසලතා පදනම් කරගෙන ජනතාව අපේක්ෂා කළ පරිදි සාධාරණ යුක්තිය පසිඳලීමේ ක්‍රමයක් දක්වා පරිවර්තනය නොවීමෙන් එය අසාර්ථක විය.

    1978 අංක 2 දරණ පනත හඳුන්වා දුන් සමගි මණ්ඩල ක්‍රමය වෙනුවට පවුල් උසාවි ක්‍රමය මගින් ප්‍රාදේශිය වශයෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට පිළියමක් යෙදූ නමුත් එම පවුල් උසාවි ක්‍රමයද සමස්ත සුළු ආරවුල් ගැටලු විසඳීමේ ක්‍රමයක් බවට පරිවර්ථනය නොවී පවුල් ආරවුල් වලට පමණක් සීමා වූ නිසා එම ක්‍රමයද ආසාර්ථක විය.
     
    සමගි මණ්ඩල හා පවුල් උසාවි ක්‍රමය ජනතාව අතර පැනනගින සුළු ආරවුල් විසඳීමේ සාර්ථක ක්‍රමයක් නොවුනු බැවින් එවැනි ආරවුල් සියල්ල උසාවි වල නඩු බවට පරිවර්ථනය වීම මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ගොඩගැසීමේ යාන්ත්‍රණයක් බවට පත් වීමත් සමග ජනතාව අපේක්ෂා කරන පරිදි යුක්තිය පසිදලීම සදහා ප්‍රායෝගික වශයෙන් දුෂ්කරතා ගණනාවකට මුහුණ දීමට රජයට සිදුවූ අතර විශේෂයෙන් උසාවි වල නඩු ගොඩගැසීමට විසදුමක් ලබාදීමට දිර්ඝ කාලයක් ගතවීම, පාර්ශවකරුවන් පීඩනයට ලක් වීම, පාර්ශවකරුවන් අතර අසහනය වර්ධනය වීම, ජයග්‍රහණය එක් පාර්ශවයකට පමණක් සීමා වීම යන කරුණු හේතුවෙන් අතෘප්තිමත් ජීවන රටාවක් ජනතාව අතර ඇතිවීම යන කරුණු පිළිබද සැලකිල්ලට ගනිමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත පාර්ලිමේන්තුවට හදුන්වාදීම ශ්‍රී ලංකාවේ සුළු ආරවුල් විසඳීමේ සාර්ථකම ක්‍රමයක් බවට එය පත් විය.

    1988 අංක 72 සමථ මණ්ඩල පනත අනුව පිහිටවනු ලැබු සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ප්‍රථම සමථ මූල මණ්ඩලය 1991 ජූලි මස 18වන දින මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව මේ වන විට දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණ වන පරිදි සමථ මූල මණ්ඩල 329ක් ස්ථාපිත කර ඇති අතර විශේෂයෙන් පසුගිය 30 වසර තුළ උතුරු, නැගෙනහිර ජනතාව මුහුණ දුන් යුධමය වාතාවරණය යටතේ යුද්ධය නිමවීමෙන් පසු තම පාරම්පරික ඉඩ කඩම් වල භුක්තිය ලබාගැනීම සදහා පැන නැගූණු ගැටලු සැලකිල්ලට ගෙන ඉඩම් ගැටලු විසදීමේ විශේෂ සමථ මූල මණ්ඩල 5ක්ද යාපනය, කිලිනොච්චිය අනුරාධපුරය, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක වල පිහිටුවා තිබෙන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

    අධිකරණ ක්‍රියාමාර්ග වලින් තොරව  සුළු ආරවුල් ගැටලු විසඳීම අරමුණු කොට ගෙන පිහිටුවා තිබෙන සමථ මූල මණ්ඩල සදහා ආදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය බල ප්‍ර‍දේශය තුළ එක් සමථ මූල මණ්ඩලයක් පිහිටුවන අතර එම සමථ මූල මණ්ඩලය සදහා ප්‍ර‍දේශයේ පදිංචිකරුවන් අතරින් සිටින ගරු කටයුතු නායකයින්, ගෞරවණිය පුද්ගලයන් ඇතුළු සමාජයේ පිළිගත් පුරවැසියන්ගෙන් සමන්විත වන සමථ සභිකයන් 20ත් 45ත් අතර උපරිමයක් දක්වා පත් කළ හැකි බව පවසන අධිකරණ අමාත්‍යංශය මෙම සමථකරුවන් අතරින් සමථ මූල මණ්ඩල සභාපතිවරයෙකු පත් කරන අතර මෙම සමථ මණ්ඩලවලට පත්වන සමථකරුවන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩයාමකට අයත් පුද්ගලයින් නොවිය යුතු බව සමථ මණ්ඩල පනත මගින්ද අර්ථ දක්වා ඇත.

    පසුගිය වසර 25ක පමණ කාල පරිච්ඡේදය තුළ මෙරට සමථ මණ්ඩල ක්‍රමය සදහා සුළු ආරවුල් හා ගැටුම්වලට අදාළ පැමිණිලි වසරකට ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් යොමු වී ඇති අතර එයින් 50%කට වඩා වැඩි සංඛ්‍යාවක් ස්ථීර වශයෙන්ම විසඳුම් ලබාදීමට සමථ මණ්ඩල ක්‍රමය සමත් වී ඇති අතර එම පැමිණිවලින්  සමථ මූල මණ්ඩලය මගින් විසඳීමට නොහැකි නඩු සමථ මූල මණ්ඩලය මගින් අධිකරණයට යොමු කෙරෙන අතර  සමථ මූල මණ්ඩලයට යොමු වී නිරවුල් නොකීරීමේ සහතිකය නොලත් කිසිදු පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු බව සමථ මණඩල පනතේ දක්වා ඇත. සමථ මණ්ඩල කොමිෂන් සභා පනත යටතේ සමථ මූල මණ්ඩල සභාපතිවරයෙකු වෙත යොමු කරන ලද පැමිණීල්ලකට, ගැටලුවකට සම්බන්ධව ඊට අදාළ පාර්ශවයන් වෙත කැඳවීමේ බලය සමථ මණ්ඩල සභාපතිවරයෙකුට හිමිවන අතර එසේ කැඳවන ලද ඕනෑම පාර්ශවයක් සමථ මූල මණ්ඩලයේ පෙනී සිටිය යුතු අතර එසේ නොපැමිණිම හෝ සමථ මණ්ඩලය මගින් කෙරෙන ඉල්ලීමක් නොසලකා හැරීම අධිකරණයට කරන ලද අපහාසකයක් සේ සලසා කටයුතු කිරීමට ද සමථ මණ්ඩල කොමිෂන් සභාවට බලය ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

    1988 ස්ථාපිත කරනු ලැබූ සමථ මූල මණ්ඩල ක්‍රමය සදහා සුළු ආරවුල් හා ගැටලු පිළිබදව ආරම්භයේ දී පැවැති මූල්‍ය සීමාව රුපියල් 25000කට අඩු වූ නමුත් වර්තමානයේ ජනතාවගේ දෛනික කටයුතු හා ගැටලු ආරවුල් සදහා පවතින මූල්‍ය සීමාවන් සැලකිල්ලට ගෙන අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් 2016 අංක 9 දරණ පනත මගින් මෙම මූල්‍ය සීමාව රුපියල් ලක්ෂ 5ද දක්වා වැඩිකර වාණිජමය කටයුතු වලදී ජනතාව අතර පවතින සුළු ආරවුල් ගැටලු සමථ මුල මණ්ඩල මගින් විසඳා ගැනීමට වැඩි ඉඩකඩක් ලබාදී තිබෙන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

    1988 අංක 72 දරණ පනතින් මෙම සමස්ථ සමථ මූල මණ්ඩල පරිපාලනය කිරිම සදහා ස්ථාපිත කර සමථ මණ්ඩල කොමිෂන් සභාව සභාපතිවරයෙක්ගෙන් හා කොමසාරිස්වරු 5 දෙනෙකුගෙන් පාලනය වන අතර ඒ සදහා පත්වෙන කොමසාරිස්වරුන් ජනාධිපතිතුමන් විසින් පත් කරන අතර එම පිරිසෙන් 3 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනා ධිකරණයේ අධිකරණ දූර දැරු තැනැත්තන් පත් කර තිබෙන අතර ඉන් එක් කෙනෙකු සමථ මූල මණ්ඩල සභාපතිවරයෙකු වශයෙන් පත් කරන බව අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya