අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 19 දා

    නොවැම්බර් 07, 2016

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය  ලබන 19 වැනි දා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    විභාග මධ්‍යස්ථාන 1,217කදී පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මෙම විභාගය පැවැත් වෙන අතර අයදුම්කරුවන් 155,834ක් පෙනී සිටීමට නියමිතය.

     

    සියලුම් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලද විදුහල්පතිවරුන් වේ නම් හෝ මෙම විභාගය පිළිබඳ යම් විමසීමක් වේ නම් පහත සඳහන් දූරකතන අංක වෙතින් විමසීම් සිදු කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ක්ෂ්ණික ඇමතුම්- 1911


    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව-     011 2784208/011 2784537/
                                                     011 3188350/011 3140314


    ෆැක්ස් අංකය - 011 2784422

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya