මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරු විශ්‍රාම වැටුප පෙබරවාරියේ සිට

    නොවැම්බර් 07, 2016
    විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාමික වැටුප 2017 වසරේ පෙබරවාරි මස සිට ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ඒ අනුව ආබාධිත රණවිරුවන් ඔවුන් දැනට ලබන වැටුප් හා දීමනා සහ දුබලතා දීමනාවට අමතර ව මෙම සේවා විශ්‍රාම වැටුප ලබා දීමට නියමිතය.
     
    නිසි නීති රේගුලාසිවලට අනුකූලව සියලු කටයුතු සම්පාදනය කර එය 2017 වසරේ අයවැය යෝජනාවට ඇතුළත් කර අදාළ සේවා විශ්‍රාම වැටුප සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමෙන් පසුව 2017 වසරේ සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
     
    වසර 12ට අඩු සේවා කාලයකින් ආබාධිත තත්ත්වය මත සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් වූ ආබාධිත රණවිරුවන් ඔවුන්ට සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම 2008 වසරේ සිට පැවැති ඉල්ලීමක් වන අතර එම ඉල්ලීම පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානයට ලත් ව මීට මාස තුනකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය නිරාකරණය කිරීමට තීරණය කර ඇත.
     
    මෙම කරුණ පිළිබඳ ව යුද හමුදාපතිතුමන්, ආරක්ෂක අමාත්‍යංශය සහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් මෙම රණවිරුවන් සියලු දෙනාම දැනුවත් කර තිබියදී ඉතා සුළු පිරිසක් විසින් රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා සිදුකරනු ලබන මෙම විරෝධතාව මගින් පෙනීයන්නේ මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya