අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු පිළිබඳ සෞඛ්‍ය ඇමැති උපදෙසින් විමර්ශණයක්

    නොවැම්බර් 07, 2016

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළිකා රෝගීන් සඳහා නොමිලයේ ලබාදෙන ඖෂධවල හිඟයක් ඇති බව ප‍්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රජය අප‍්‍රසාදයට පත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    එලෙස ලැබී ඇති පැමිණිලි පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට දැනුම් දී ඇත.

    ඖෂධවල හිඟයක් ඇති බව ප‍්‍රකාශ කිරීම නිසා රෝගීන් තුළ අනියත බියක් මතුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා පැවති අතර, එහිදී අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ කර සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා -  " මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිත කරන්නේ නැහැ. රුසියාවෙන් ගෙන්වන ලද පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධය භාවිතා කිරීමෙන් වැළැකී සිටින වෛද්‍යවරුන් රෝගීන්ට ප‍්‍රකාශ කර තිබෙනවා. පිළිකා ඖෂධ නොමැති බව. රජය විසින් නොමිලයේ ලබාදෙන ඖෂධ වෛද්‍යවරුන් භාවිතා නොකිරීම පිළිබඳ විමර්ශණයක් සිදු කරන ලෙස මම සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දෙනවා. එම විමර්ශණ වාර්තාව සතියක් තුළ මා වෙත ලබාදෙන්න. ඉන් පසු එම වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් ඩෙන්මාර්කයේ සංචාරයක පසුගියදා නිරත වුනා. එම වෛද්‍යවරුන්ට අනුග‍්‍රහය දක්වා ඇත්තේ පිළිකා ඖෂධ ආනයනය කරන බහුජාතික සමාගමක්. ඒ පිළිබඳව ද සොයා බැලිය යුතුයි. රජයේ ඕනෑම වෛද්‍යවරයෙක් බැඳී සිටිනවා රජය විසින් ලබාදෙන ඖෂධ රෝගීන්ට ලබාදීමට. එම කරුණු පිළිබඳ සියලුම වෛද්‍යවරුන් දැනුවත් කරමින් චක‍්‍රලේඛයක් නිකුත් කරන ලෙස මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙනවා.” යැයි ද පැවැසීය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ‍්‍රි චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya