අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශ‍්‍රමිකයින් 5000 ක් රැකියා ගත කිරීමේ ඉලක්කයක්

    නොවැම්බර් 07, 2016

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශ‍්‍රමිකයින් 5000 ක් රැකියාගත කිරීම ඉලක්කය වී තිබෙන බවත් එම අභියෝගය අභියෝගය ජය ගැනීමට අවශ්‍ය බවත් තරුණයින් වැඩි වැඩියෙන් මෙම ක්ෂේත්‍රයට කැඳවා ගැනීමටනම් මේ සඳහා පිළිගැනීමක් අගය කිරීමක් ලබා දිය යුතු බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.


    අමාත්‍යංශයේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ය. ජලනළ, මේසන් වඩු හා වෙල්ඩින් යන ක්ෂේත්‍රවල පවතින මෙම හිඟයට විසඳුම් සෙවීමසඳහා තම අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශ‍්‍රම හිඟය (45000)හතලිස් පන් දහස ඉක්මවනවා. අපි මේ සම්බන්ධයෙන් තරුණ ප‍්‍රජාව යම් තරමකින් දැන්ම්වත් කළා. එය නියමු ව්‍යාපෘතියක් ලෙසයි සිදු කළේ. ඒ අනුව ගෙවුනු කෙටි කාලයේදී තරුණ කණ්ඩායම් දෙකක් වෙත විධිමත් පුහුණුවක් ලබා දුන්නා. අපි පුහුණුව ලබා දීමෙන් පමණක් නැවතුනේ නැහැ. පෞද්ගලික ඉදිකිරීම් සමාගම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා.

    ඒ අනුව මෙම තරුණ කණ්ඩායම් ස්ථිර සේවයට බඳවා ගැනීමට ඔවුන් එකඟතාව පලකළා,පමණක් නෙවෙයි තවත් දහස් ගණනක් පුහුණු ශ‍්‍රමිකයින් ලබා දෙන ලෙසත් එම සමාගම් නියෝජිතයින් අපෙන් ඉල්ලීමක් කළා. රුපියල් 40000 ක ආරම්භක මාසික වැටුපක්සමඟ මෙම තරුණයින් ස්ථිර සේවයට බඳවා ගන්න එම සමාගම් නියෝජිතයින් මේ වන විටත් කැමැත්ත පල කර අවසන්. ඒ වගේම ඉදිකිරීම් පුහුණුව ලැබූ පළමු කණ්ඩායම ලබන 07 වනදා එම සමාගම්වල ස්ථිර සේවයට බඳවා ගැනීම සිදු කිරීමටත් නියමිතයි.

    ඉදිරි වසරේදී විශාල අභියෝගයක් වෙත අපි මුහුණ දී සිටිනවා. අවම වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශ‍්‍රමිකයින් 5000 ක් රැකියා ගත කිරීම අපේ ඉලක්කය. එය ඇත්තටම
    අභියෝගයක්.ඒත් අපි ඒ අභියෝගය ජය ගැනීමට අවශ්‍යයි.

    ඉදිකිරීම් වෘත්තීන්වලට පිළිගැනීමක් නොමැතිකම ලොකු බාධකයක්.තරුණයින් වැඩි වැඩියෙන් මෙම ක්ෂේත්‍රයට කැඳවා ගැනීමටනම් මේ සඳහා පිළිගැනීමක්  අගය කිරීමක් ලබා දිය යුතුයි. ඒ නිසා තමයි ඉදිකිරීම් වෘත්තීන් සඳහා එන්වීකිව් 4 හෝ 5 මට්ටම ලබා දීමට අදාල පුහුණු පාඨමාලා ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන්නේ. ඒ වගේම ලබන වසරේ ඉදිකිරිම් අංශයේ පුහුණුව  ඕස්ටේ‍්‍රලියානු කාර්මික විද්‍යාවල දී  ලබා දෙන්නට අවශ්‍ය වැඩපිළි වෙලක් පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. අයවැය සම්මත වීමෙන් අනතුරුව ඊට අදාල ගිවිසුම් අත්සන් තැබීමේ කටයුතු සිදු කිරීමට අපේක්‍ෂාවෙන් සිටිනවා.

     

    අපි බාස් ලා බිහි කරන්නේ නැහැ. අපි බිහිකරන්නේ ඉංජිනේරුවන්. එය මූලික සංකල්පය කරගනිමින් ඉදිරි වැඩපිළිවෙල සැලසුම් කරන බවත් සුදු කරපටි රැකියා මානසිකත්වයෙන් මිදී ලෝකය ජය ගැනීම තරුණ පරපුරේ අරමුණ විය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා තරුණ පරපුර බලගැන්වීමේ කි‍්‍රයාවලියට මාධ්‍යයේ සහය අත්‍යාවශ්‍ය බවයි.

    ශී‍්‍ර ලංකාවේ පාසල් 10145 ක අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් සරසවි දොරටුව විවර වන්නේ 25000 ක් වැනි පිරිසකට පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමස්ත සිසු සිසුවියන් අතරින් සියයට අනූ හතක් වෙනත් විකල්ප අධ්‍යාපන ආයතන වෙත යොමු විය යුතු බවයි.ස්ථීර රැකියාවක් සොයමින් අතරමංවී සිටින තරුණ පරපුර වැඩි වැටුප් හිමිවන වරප‍්‍රසාද ලැබෙන හා අනාගතය ජයගත හැකි වෘත්තීන් පිළිබඳව නිසි අවධානය යොමු කර නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya