අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 7 දා දක්වා පළාත් කිහිපයකට තද වැසි

    නොවැම්බර් 05, 2016

    දිවයිනට ඊසාන ‍‍‍දෙසින් කි.මී. 1000 ක් පමණ දුරින් මධ්‍යම ‍බෙංගාල බොක්ක ප්‍ර‍‍දේශ‍‍‍යේ පහළ වායුගෝල‍යේ පවතින පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් ඇති අතර මෙමගින් දිවයිනට සෘජු බලපෑමක් ‍නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෙසේ වුවද තවදුරටත්  අහස වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  බලාපොරොත්තු වේ. නොවැම්බර් 07 වන දින දක්වා සමහර ස්ථානවලට (විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට) තද වැසි, (100mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.

    දකුණු, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ සබරගමුව  පළාත් වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ  විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්  සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya