අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසළ ප්‍රතිචක්‍රීකරණයට පෞද්ගලික අංශයේ සහාය

    නොවැම්බර් 05, 2016
    නොදිරන කසළ පුතිචක්‍රීකරණයට පෞද්ගලික අංශය කොන්දේසි විරහිතව සහය දීමට එකඟවු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.
    ලේකම්වරයා මේ අදහස් පළ කළේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදීය.
     
    නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා පළමුව කොළඔ මහ නගර සභාව සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සංගමය අතර ගිවිසුමක් අත්සන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළ කෙරිණි.
     
    කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණ අසල වර්ග කළ කසළ බඳුන් සකස් කරන ලෙසත් පළාත් සභා සහ පළාත් පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට මෙහිදී  උපදෙස් දී ඇත. එම කසළ බඳුන් අසළ පැය 24 පුරාම පොලිස් නිලධාරී යොදවා නිරීක්ෂණය කිරීමටද නියමිතය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya